අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන ඇගිලි ගැසීම් ඇත්නම් වහා ම දැනුම් දෙන්න - මුදල් ඇමැති

    පෙබරවාරි 07, 2016

    යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අභියෝගය රජය සිය දෙඋර මත දරා සිටින මොහොතක, දේශපාලන බලපෑම් එල්ල වන අවස්ථා ඇත්නම් වහාම රජය දැනුවත් කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    අමාත්‍යවරයා සඳහන් කරන්නේ දුෂණයෙන් භීෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමට දරණ වෑයමේ දී ජනතාව සතුව ද කිසියම් වගකීමක් පවතින බවයි.

     

    බොරැල්ල වනාතමුල්ල ශ්‍රී ධර්මාශ්‍රමාරාම විහාරස්ථානයේ දහම් පාසල් දරුවන්ට ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම සහ බැංකු පොත් ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (07) පැවති උත්සවයක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

     

    කිසිදු බලපෑමකින් තොරව පොලීසිය සිය කටයුතු විනිවිදභාවයක් ඇතිව කරගෙන යාමේ අවස්ථාව උදා වී තිබෙන බවත් විනය ගරුක සමාජයක් ගොඩනැගෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    “අධ්‍යපානයට රුපියල් කෝටි 9800ක් වැඩිපුර වෙන් කරල තියෙනවා. එහෙම වෙන් කරල තියෙන්නෙ අප කතා කළ වෙනස රට තුළ ඇති කරන්නයි. ඒ නිසා මම මාපියන්ගෙන් ඉල්ලන්නේ පොඩි වෙලාවක් වෙන් කරන්න දරුවන් වෙනුවෙන්. මේ වාණිජකරණය හමුවේ දරුවන් ගැන සැලකිල්ල අඩු වෙන්න පුළුවන්. ඒ නිසා යහපත් අනාගත පරපුරක් වෙනුවෙන් පුජ්‍ය පක්ෂය, පොලීසිය වගේ ම දේශපාලන අධිකාරියත් මැදිහත් විය යුතුයි.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya