මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය පලතුරු බෝග ප්‍රවර්ධනය වෙනුවෙන් " මංපෙත් තුරු සෙවන"

    නොවැම්බර් 28, 2015
    දේශීය පලතුරු බෝග ප්‍රවර්ධනය වෙනුවෙන්  " මංපෙත් තුරු සෙවන" ආදර්ශන වැඩසටහන කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පලුගස්වැව විද්‍යාලය අභියසදී ආරම්භ කෙරිණි.
    මරදන්කඩවල - හබරණ ප්‍රධාන මාර්ගයෙහි එක් පසක අඹ පැලයක් අමාත්‍යවරයා විසින් රෝපණය කරනු ලැබු අතර පැමිණි පිරිස සදහා මග දෙපස සිටු වීමට අඹ පැළ බෙදා දීමද එහිදී සිදු කෙරිණි.
     
    හබරණ නගරය ආශ්‍රිත සංචාරක පුරවරයේ විදේශිකයින් අතර දේශිය පළතුරු ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරිව, හබරණ - 
    මරදන්කඩවල ප්‍රධාන මාර්ගය දෙපස පළතුරු පැළ සිටුවීම මෙලස සිදු කෙරුණ අතර, එහිදී අඹ, දිවුල්, පේර, දෙළුම්, අනෝදා, උගුරැස්ස වැනි පළතුරු ශාකද රෝපණය කෙරිණි. මෙමගින් මාර්ගය දෙපස සෙවන ලැබීම මෙන්ම, පළතුරු නිෂ්පාදනයක්ද සිදු වන බවත්, එම පළතුරු අලෙවිය සදහා පළතුරු අලෙවිසැල්ද ඉදි කර දීමට කෘෂිකර්ම අමාත්‍යංශය ඉදිරියේදී බලාපොරොත්තු වන බවත්, එමගින් ස්වයං රැකියාද උත්පාදනය වන බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙහිදී පැවසීය.
     
    අද සමාජය, ගම, දියුණු වෙලා. රට දියුණු වුනත් අපි වයසට ගියත් හැම අවුරුද්දෙම නොවැම්බර් මාසේ බලාගෙන ඉන්නවා අයවැයේදී මොනවා අඩුවෙයිද කියලා. රට දියුණු වෙන ගමන් අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න වෙනස් ක්‍රම අපි සොයාගත යුතු වෙනවා. රැකියා කරන අයගේ බඩු මිලට සාපේක්ෂව වැටුප වැඩිවුවත් ගොවියාට විශේෂයක් අයවැයෙන් වෙන්නේ නෑ. ගොවියා කළ යුත්තේ අමතර කන්නයක් සදහා යොමු වීම, අමතර භෝග වගා කිරීම, වැඩි මිලක් සහිත භෝග වගාව වැනි දේ සදහා යොමු වී ආර්ථිකය ශක්තිමත් කර ගැනීමයි.ඒ සදහා ගොවියෝ යොමු විය යුතුයි.ගොවියා වෙනුවෙන් සහන ලබා දීම සදහා කෘෂිකර්ම ප්‍රතිපත්තිය හදුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි අලුත් ගොවියෝ හදනවා වෙනුවට සිටින ගොවියා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
     
    ජනතාවට වගා කරන්න අමුතුවෙන් ඉගැන්විය යුතු නෑ, නමුත් ජනතාව වගාවට යොමු නොවීමයි ගැටලුව වී තිබෙන්නේ. හැම එළවලුවක්ම වගා කරන්න කියලා අපි කියන්නේ නෑ.එහෙම හැම එළවලුවක්ම වගා කළොත් ගොවිතැනට වගේම වෙළදාමට ප්‍රශ්නයක් වෙනවා.තමන්ගේ නිවසේ වගා කළ හැකි සියළුම අත්‍යවශ්‍ය භෝග වගා කරන ලෙස මම සමස්ථ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
     
    ඒ වගේම මේ වැඩසටහන යටතේ පාර දෙපැත්තේ පළතුරු පැළ වගා කළාම ලස්සන වගේම, අස්වැන්නකුත් ලැබෙනවා.මම සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා හැකි නම් ඇළ දෙපස, මාර්ග දෙපස කිසිවකුට කරදරයක් හානියක් නොවන ලෙස පැළයක් සිටුවන්න.ඒ පැළය රැක ගන්න.මෙවැනි උත්සව මාධ්‍ය සංදර්ශන වලට පමණක් සීමා නොකර ජනතාවට ප්‍රතිලාභයක් වන මෙවැනි ව්‍යාපෘති දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කරන්න යැයි අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya