අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික මධ්‍යස්ථානයන්ට ශීත කාමර

    නොවැම්බර් 28, 2015
     
    මෙවර අයවැයෙන් ගොවියාගේ ඵලදාව කල්තබා ගැනිම සදහා ආර්ථික මධ්‍යස්ථාන 5 ක් ආශ්‍රිතව ශීත කාමර ඉදි කරන්න 
    රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇති බව ග්‍රාමිය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන්  මහතා පවසයි.
     
    ඒ මහතා මෙම අදහස් දැක්වුයේ  පසුගියදා එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වල කළමණාකාරුවන්ගේ හමුවේදීය.
     
    එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙවර අය වැයේදී  ආර්ථික මධ්‍යස්ථාන 5 ක් ආශ්‍රිතව ශීත කාමර ඉදි කරන්න මුදල් වෙන් කරන්න කියල මිල තීන්දු කිරිමේ කමිටුවට  අප යෝජනා කලා. ඒ අනුව මෙවර අයවැ‍යෙන්  ඒ සඳහා  රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇති අතර වව්නියාවේ නව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රුපියල් මිලියන 200 ක්ද ලැබි තිබෙනවා. මෙයින් අපි බලාපොරොත්තු වන්නේ පාරිභෝගිකයාට හොද එළවළු ටිකක්,පළතුරු ටිකක් ලබා ගැනීමට අවස්ථාව උදාකර දීමට යයිද පැවසීය.
     
    මෙම හමුවේදී එක් එක් ආර්ථික මධ්‍යස්ථාන තුල පැන නැගී ඇති ගැටළු, අඩුපාඩු ,සංවර්ධනය කල යුතු භෞතික සම්පත් ආදිය පිළිබදව පැමිණ සිටි කළමනාකරුවන්ගෙන් විමසා සිටි අතරම, කළමනාකරුවන්ගේ පරිපාලන දුර්වලතාද ඔවුන් වෙත පෙන්වා දෙන ලදි.
     
    එයට අමතරව මෙම වසරේදී ආර්ථික මධ්‍යස්ථාන වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන මගින් සංවර්ධනය කර ඇති ‍භෞතික සම්පත් වල ප්‍රගතිය විමසීමක් සිදු කළ අතර, එම සියළු සංවර්ධනයන් දෙසැම්බර් මස අවසාන වන විට නිම කල යුතු බවත් අවධාරණය කරන ලදී.
     
    තව දුරටත්  අදහස් දැක්වු අමාත්‍යවරයා, මේ දින වල එළවළු මිල අධික බවත් අමු මිරිස් කිලෝ එකක් රු.1000කට ඉහල ගොස් තිබෙනවා.නමුත් සමහර කාල වල එළවළු හා අමු මිරිස් කිලෝ එකක් රු.20, 25 පහළ බහිනවා. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ සමහර කාල වල එළවළු කිලෝ එකක් රු.5කට වත් විකුණ ගන්න බැරුව කුණු වෙනවා.මොකද ආර්ථික මධ්‍යස්ථාන වල මිල නියම කරන්නේ මුදලාලිලා. මෙහිදී ගොවියා ඉතාමත් අසරණ වෙනවා. ඒ නිසා තමයි අපි ශීත කාමර ඇති කරන්න තීරණය කලේ. මෙමගින් ගොවියාගේ අතිරික්ත එලවළු මාස තුනක් පමණ නැවුම්ව කල් තබා ගන්න පුළුවන්. ඒ වගේම පාරිභෝගිකයාටත් නැවුම්ව එලවළු හා පළතුරු ලබා ගන්න පුළුවන්. මෙම ක්‍රමය යුරෝපයේත් ක්‍රියාත්මක කරණවා යයිද පැවසීය.
     
    පසු ගිය කාල වලදී මෙම මධ්‍යස්ථාන වලින් ජනතාවට යහපත් සේවාවක් ඉටු වුනේ නැහැ. ආර්ථික මධ්‍යස්ථාන වල එක එක අධිකාරි ලත් අය මේවා පාලනය කළා.මෙම අධිකාරි මාෆියාවෙන් මෙම මධ්‍යස්ථාන නිදහස් කරගෙන ගොවියාටත්, වෙළෙන්දාටත්, පාරිභෝගිකයාටත් යහපත් සේවාවක් ලබා දීමයි අපගේ අරමුණ. ඒ සදහා අපි කැපවෙන බව අද මම ප්‍රකාශ කර සිටිනවා යැයි පැවැසීය.
     
    මෙම අවස්ථාව සදහා ග්‍රාමීය ආර්ථිකය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී , අමාත්‍යංශ ලේකම්, ආර්ථික මධ්‍යස්ථාන භාරයේ සිටින සියළු ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya