මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ කෞතුකාගාරයට කෞතුක භාණ්ඩ ඉල්ලයි

    ඔක්තෝබර් 10, 2015
    මැතිවරණ දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 60ක් පිරීම නිමිත්තෙන් ආරම්භ කිරීමට නියමිත සර්වජන ඡන්ද බලය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වූ කෞතුකාගාරයක් ස්ථාපනය කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
     
    1911 දෙසැම්බර් 12 හා 13 දෙදින පැවැති පළමු ව්‍යවස්ථාදායක සභා ඡන්ද විමසීමේ සිට 2015.08.17දින දක්වා පැවැති පාර්ලිමේන්තු ඡන්ද විමසීම දක්වා වූ මැතිවරණවලට අදාළ උපකරණ, බඩුබාහිරාදිය, ලිපි ලේඛන, ඡායාරූප, ව්‍යවස්ථාපිත දැන්වීම්, ප්‍රචාරක පෝස්ටර් එක් රැස්කොට මෙම කෞතුකාගාරය ස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ.
     
    ඒ අනුව ඡන්දවිමසීම්වලට අදාළ, මැතිවරණ ක්‍රියාවලිය හා බැඳි උපකරණ හෝ ඒවායේ ආදර්ශ, ඡායාරූප, ලියවිලි, දැන්වීම් යනාදියේ මුල් පිටපත් හෝ අනු පිටපත් හෝ ඒවායේ ඡායාස්ථ පිටපත් මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස එවැනි දේ ස්වකීය සන්තකයේ ඇති ආයතන හා පුරවැසියන් වෙතින් මැතිවරණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya