මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    25 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව ඉන්දීය නාවික හමුදා “සාවිත්‍රි” නෞකාවේදී

    ඔක්තෝබර් 09, 2015
    ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා නියෝජිතයන් අතර වාර්ෂික පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව පසුගිය දින කන්කසන්තුරයට උතුරින් වූ දෙරටෙහි මුහුදු සීමාවේ දී ඉන්දීය නාවික හමුදාවේ “සාවිත්‍රි” නෞකාවේ දී පවත්වන්නට යෙදිණි.
     
    ශ්‍රී ලංකා නියෝජිතයන් පිරිසේ ප්‍රධානියා වශයෙන් උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී වූ අතර, ඉන්දීය නියෝජිතයන් පිරිසේ ප්‍රධානියා වශයෙන් තමිල්නාඩු හා පුඩුචේරි ප්‍රදේශයන් හි නාවික අණභාර නිලධාරී කොමදෝරු ආලෝක් භට්නගර් මහතා සහභාගි විය. මෙම දෙපිරිසෙහිම නිලධාරීන් විවිධ අංශයන්හි විශේෂ සුදුසුකම් සහිත අයවලුන් වේ.
     
    මෙම වාර්ෂික සමුළුව, දෙරටෙහි නාවික හා වෙරළාරක්ෂක බලකායන් අතර පොදු අවබෝධය වර්ධනය කර ගැනීම තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලබයි. 
     
    25 වන වරටත් පැවැත්වුණු මෙවර සමුළුවේදී; අන්තර් සහයෝගීතාවය, සම්බන්ධීකරණය හා එක්ව කටයුතු කිරීම තුළින් කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදහස් හුවමාරු විය. එමෙන්ම ස්වකීය හැකියාවන් සහ සීමාවන් පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකර ගැනීම ඔස්සේ දෙරටෙහි නාවික හා වෙරළාරක්ෂක බලකා අතර අනතර්ක්‍රියාකාරී හැකියාවන් හා තාක්ෂණික ගැලපීම් වැඩිදියුණු කිරීම පිළිබඳ ව මෙන්ම තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අදහස් හුවමාරු විය. 
     
    navy.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya