අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යවේදීන් අපේ සම්පතයි-කළ හැකි කාර්යභාරය අසීමිතයි

    සැප්තැම්බර් 04, 2015

    ජනමාධ්‍යවේදීන් අපේ සම්පතයි.මෙම සම්පත්දායකත්වය ඉතාමත් ඵලදායී ලෙස හැඩගසා ගතහොත්, සක්‍යතා ඉතාමත් ඵලදායි ලෙස හැඩගසා ගතහොත් කළ හැකි කාර්යභාරය අසීමිත බව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය පවසයි.


    ලෝක දියදිවි හානි කරගැනීම වැළැක්වීමේ දිනය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (04) පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය මේ බව පැවසුවාය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ, මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය විසින් මෙම වැඩමුළුවට සම්පත්දායකත්වය ලබාදෙන ලදී.


    ඉතාම කාලෝචිත වැඩසටහනකට අපි සම්බන්ධ වී සිටිනවා. දැනුවත් කිරීමේ පණිවුඩය,සියදිවි නසාගැනීම වැළැක්වීම සහ ජීවිතයක අරුථ පිළිබඳ පණිවුඩය, මේ රටට පමණක් නොවේ ලෝකයට රැගෙන යා හැකි සම්මත වන්නේ ජනමාධ්‍යවේදීන් වන ඔබයි.

     

    ජනමාධ්‍ය වගවීමේ කාර්යභාරය ඔබ සතුයි. සියදිවි නසා ගැනීම ඉතා ආකර්ෂණීය ලෙස දක්වන අවස්ථා තිබෙනවා.එය ආකර්ෂණීය ලෙස දැක්විය යුතු දෙයක් ද? අසීරුවෙන් ලබා ගත් ජීවිතය විදීමට ගන්නා වෑයම පිළිබඳව අප වාර්තා කරන්නේ නැද්ද?

     

    ජීවිතයේ විවිධ ප්‍රශ්න ඇතිවිය හැකියි. පුද්ගලයෙකු මරණීය කරා තල්ලු කළ යුතුද? ජීවත් වීමේ සුන්දරත්වය,බාධක මැද ජීවත් වීමේ සුන්දරත්වය, මරණයට එහා විකල්ප අපට නොමැති ද? මෙහි විකල්ප සම්බන්ධයෙන් අප කතා කළ යුතුයි.

     

    අපිට ප්‍රශ්න විසඳාගැනීමේ ක්‍රමවේද තිබෙනවා.මේ පිළිබඳව දැනුවත් කිරීම මහඟු කාර්යයක්. එය සිදු කළොත් එය සාමාජීය වගකීම ඉටුකිරීමක්. වෘත්තීය ගරුත්වය රැකගෙන,ඔබේ වෘත්තීයේ නිවැරදී හරය ආරක්ෂා කරගෙන,සත්‍ය ඒ ලෙස,දක්වන්නට පුළුවන් නම්,එය වැදගත්. මේ ජනතාව දැනුවත් කිරීමට විශාල වගවීමකින් යුක්තව,විශාල කාර්යභාරයක් සිදු කිරීමට තිබෙනවා යැයි ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය පැවසුවාය.


    මෙහිදී අඳහස් දක් වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග මහත්මිය; ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්වය ඉදිරියෙන් තිබෙනවා.සියදිවි නසාගැනීමේ දී අපේ රට ලෝකයේ පළමු රටවල් අතර සිටියා.සියදිවි නසා ගැනීම් විචිත්‍රවත් ලෙස ප්‍රමුඛත්වය දෙන්න එපායැයි පැවසී ය.

     

    මේ අවස්ථාවට මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය,කථිකාචාර්ය රේඛා අත්තිඩිය මහත්මිය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය නීල් ප්‍රනාන්දු මහතා, ඇතුළු ආරාධිතයන් රැසක් සහ ජනමාධ්‍යවේදීහු රැසක
    සහභාගී වී සිටියහ.

     

    mental he

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya