අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මදුරු මර්දන සතිය සැප්තම්බර් 10-16 ඇරඹේ

    සැප්තැම්බර් 02, 2015

    ජාතික මදුරු මර්දන සතියේ දෙවන අදියර සැප්තැම්බර් මස 10 සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

     

    ජාතික මදුරු මර්ධන සතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව පැවසීය.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (02) පැවැති මාධ්‍ය හමුව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර තිබුණි. සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්ධන ඒකකය, ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව මෙවරත් ජාතික මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කරයි.

     

    ඊශාන දිග වර්ෂාව සමඟ ඩෙංගු රෝගීන් වැඩි වීමේ හැකියාවක් පවතින බැවින් එය පාලනය කිරීමට මූලික අඬිතාලමක් ලෙස මෙම සතිය ක්‍රියාත්මක බව වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

     

    මේවනවිටත් දැනුවත් කිරීම් චක්‍රලේඛ   සියලු අමාත්‍යාංශ හා රජයේ අනෙකුත් ආයතන වෙත යවා තිබෙන බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා කීය.

     

    මෙවර ඩෙංගු මර්දනය සඳහා ත්‍රිවිධ හමුදාව,සිවිල ආරක්ෂක බලකාය, පොලීසියේ සහාය ලැබෙන අතර සියලු පළාත් පාලන ආයතන ද වැඩසටහනට සම්බන්ධ වෙයි.

     

    පසුගිය මාස හතක කාලය තුළ නිවාස පරික්ෂා කිරීම් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇති බැව් කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඒ සම්බන්ධයෙන් සහාය දැක් වූ ආරක්ෂක අංශවලට සිය ස්තූතිය පුද කළේ ය.

     

    ඩෙංගු රෝගීන් දහසකට එක් අයකු පමණක් මරණයට පත්වන බවත්, මරණ ප්‍රමාණය අඩු කර ගැනීමට ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වීම, ඩෙංගු ප්‍රතිකාර සේවයේ ගුණාත්මක සංවර්ධනය ඉවහල් වූ  බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

     

    මේ තත්වය දීර්ගව පවත්වා ගැනීමට සියලු ජනතාවගේ යුතුකම බවත් සියලු පුරවැසියන් තමන් ජීවත් වන පරිශ්‍රය මදුරුවන් බෝවීම වළක්වාගැනීමට වගබලාගැනීම කළ යුතු බව පැවසී ය.

     

    ඉදිරි මදුරු මර්දන සතියේ දී නිවාස ලක්ෂ 6-7 අතර පරික්ෂා කිරීමට අපේක්ෂා කරන අතර නිවාස වෙත පැමිණෙන ආරක්ෂ නිලධාරීන්ට සහ සෞඛ්‍ය නිලධාරීන්ට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.


    මේ අවස්ථාවට එක් වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, ඩෙංගු රෝගීන් වාර්තා වී පසුගිය වසරට වඩා 10,000කින් පමණ අඩු වී ඇති බවයි. එහෙත් අනෙකුත් රටවල මෙම කාලයේ දැඩි අවධානමක් පවතින බව පැවසී ය. ඉදිරි පරික්ෂා කිරීම්වල දී අවධානම් කලාප කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් නිවාස පරික්ෂා කිරීමට පෙර තමන්ගේ නිවාස පරිශ්‍ර පිරිසිදු කර ගන්නා ලෙසත් යම් ලෙසකින් රතු නිවේදනයක් නිකුත් කිරීමට සිදු වුවහොත් නීතිමය පියවර ද ගැනීමට සිදුවිය හැකි බවත් පැවසී ය.

     

    මදුරු මර්දනය සඳහා ඉදිරි මස හතරක කැපවීම අනුව සාර්ථකත්වයට ළඟා වුවහොත් මදුරු මර්දනය වෙනුවෙන් පවත්වන ජාත්‍යන්තර සමුළුව ලංකාවේ පැවැත්වීමට අවස්ථාව උදා වන බව ද පැවසී ය.

     

    මේ අවස්ථවේ දී මාතර සහ ගාල්ල ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා ඒකක සඳහා මයික්ක්‍රොස්කෝප් යන්ත්‍ර දෙකක් ප්‍රදානය කිරීමද සිදු
    විය.

     

    වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය අතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිලධාරීහු ත්‍රිවිධ හමුදාව හා පොලීසිය නියෝජනය කරන නිලධාරීහු ,ජනාධිපති කාර්යසාධක බලකාය නියෝජනය කරන නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     dengi 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya