අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සවසට තැනින් තැන වැසි

    සැප්තැම්බර් 02, 2015

    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සූර්යයා, ලබන 07 වැනි දා දක්වා ශ්‍රී ලංකාව අසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. අද (2) දහවල් 12.10 නරක්කාලි , පුත්තලම, කලාවැව බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව සඳහන් කරයි.

    සවස 4.00 සිට රාත්‍රි 8.00 පමණ දක්වා කාලයේදී දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

     

    තඹල, මාන්කර්නි යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

     

    එසේම දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ සාපේක්ෂ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

     

    බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

    යාපනය අර්ධද්ධීපයේද වැසි වාර කිහිපයක් බලාපොරොත්තුවිය හැක.


    පස්වරු 4.00 සිට රාත්‍රී 8.00 පමණ දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

     

    දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා) සහ වයඹ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශවල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී.50 පමණ දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya