මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තැපැල් දිනයට සමගාමීව පුළුල් වැඩසටහනක්

    අගෝස්තු 01, 2015

    ඔක්තෝම්බර් 09දාට යෙදෙන ලෝක තැපැල් දින සැමරුමට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයට හා හා මහජනතාවට වඩාත් ප්‍රතිලාභ අත් කර දෙන පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇත.

     
    ඒ අනුව දීප ව්‍යාප්ත මට්ටමින් පාසල් සිසුන්, සේවක දූ දරුවන් අතර මෙන් ම තැපැල් සේවකයන් අතර චිත්‍ර හා රචනා තරග පැවැත්වීම, කාර්යක්ෂම නිලධාරීන් හා කාර්යාල තේරීම, වැඩිම ආදායමක් රැසක් කළ තැපැල්කරුවන් ඇගයීමට ලක් කිරීම, දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල අතර ක්‍රීඩා තරග පැවැත්වීම, සේවක පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, තැපැල් කාර්යාල මට්ටමින් විවිධ ප්‍රජා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ලෝක තැපැල් දින සැමරුම් උත්සව පළාත් මට්ටමින් පැවැත්වීම ආදී වැඩසටහන් රැසක් මේ යටතේ සිදු කිරීමට නියමිතය.
     
     
    මෙම සියලු තරග පළාත් මට්ටමින් පවත්වනු ලබන අතර පළාත් තරගවලින් ජයගන්නා පළමු, දෙවන හා තෙවන ස්ථාන සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ලෝක තැපැල් දින ජාතික දින උළෙලේ දී සිදු කෙරේ.
     
     
    2015 ලෝක තැපැල් දින සැමරුම් උළෙල ඔක්තෝම්බර් 09දා කොළඹ කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya