අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාලයේ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණයට ශ්‍රී ලංකාවේ සහාය

    ජූලි 30, 2015
    නේපාලයේ ඇති වූ භූමි කම්පාවෙන් විනාශයට පත් වූ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණ කිරිමට ශ්‍රී ලංකා රජය මැදිහත්වෙයි.
     
    භූමිකම්පාව හේතුවෙන් හානියට පත් වූ ස්වායම්බුනාත්හි ආනන්ද කුටි බෞද්ධ විහාරස්ථානයත්, ලලිට්පූර්හි රතෝමචින්ද්‍රනාත් හින්දු කෝවිලත් ප්‍රතිසංස්කරණය සඳහා තෝරාගෙන තිබේ.
     
    ඒ අනුව එම ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කිරීම සඳහා අදාළ නිලධාරීන්ගෙන් සහ තාක්ෂණ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් නේපාලය වෙත යැවීමටත්, අදාළ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීමටත්, එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 345ක ප්‍රතිපාදන බුද්ධශාසන අමාත්‍යාංශය වෙත වෙන් කර දීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya