අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් මගී සමීක්ෂණයේ ජයග්‍රාහකයා ප්‍රදීප් ද අල්මේදා

    ජූලි 02, 2015

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය කොළඹ කාර්යාලයේදී පසුගියදා පැවැත්වූ ශ්‍රී ලංකන් ගුවන් මගී සමීක්ෂණයේ වාසනාවන්ත ජයග්‍රාහකයා වූයේ ප්‍රදීප් ද අල්මේදා මහතා ය.

     

    2011 වසරේ සිට ගුවන් මගී ජාලය හරහා මගීන් වෙනුවෙන් මෙම සමීක්ෂණය සිදු කර ඇත. කඩදාසි මත පදනම්  ආකෘතියක් සමඟ ආරම්භ වූ සමීක්ෂණය පසුව භාෂා 7කට පරිවර්තනය කර අයිපැඩ්, ජංගම දුරකතන, වෙබ් හා ප්‍රතිචාර මගින් විද්‍යුත් වේදිකාවක් දක්වා විකාශනය වී තිබේ.

     

    මෙහිදී මගීන් හට ලැබෙන ප්‍රශ්නාවලියේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයා මාසික දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට හැකිය. මෙවර ජයග්‍රාහකයා වූ තොරතුරු තාක්ෂණ වෘත්තීය කරගත් ද අල්මේදා මහතා, 2015 පෙබරවාරි 28 දින යූඑල් 581 ගුවන් යානයේ දී ලබා දුන් ප්‍රතිචාර ලබාදුන් අතර ඔහු විසින් තෝරාගන්නා ලද ඕනෑම ගමනාන්තය වෙත ගමන් කිරීමේ සහ ආපසු පැමිණීමේ සෘජු ශ්‍රී ලංකන් ගුවන් ටිකට් පතක් ත්‍යාග වශයෙන් පිරිනමන ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya