අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්ගිරි පාර්ශවයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අක්තපත්‍ර ප්‍රදානය

    ජූනි 05, 2015
    ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්ස්‍යාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේ වෙත අක්තපත්‍ර පිරිනැමීමේ පූජෝත්සවය ජූලි 06 වැනි දින පෙ.ව. 2.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී පැවැත්වීමට නියමිතය.
     
    පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ව සිදු කරනු ලබන මේ පු‍ජෝත්සවයට සමගාමීව අභිනව අනු නායක පදවියෙන් පිදුම් ලද අස්ගිරි පාර්ශවයේ අනුනායක ඓතිහාසික බදුළු මුතියංගන රජමහා විහාරාධිපති පූජ්‍යපාද වරකාගොඩ ශ්‍රී ඥාණරතනාභිධාන ස්වාමීන් වහන්සේට සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක ඓතිහාසික පොලොන්නරුව සොලොස්මස්ථානාධිපති පූජ්‍යපාද වෙඬරුවේ ශ්‍රී උපාලිභිධාන ස්වාමීන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පූජෝත්සවය ද එදිනම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
     
     
    ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාවේ අනුශාසකත්වයෙන් සහ මගපෙන්වීමෙන් ඊයේ (04) අස්ගිරි විහාරයේ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු ප්‍රකාශ විය.
     
     
    ඒ අනුව, අතිපූජ්‍ය සංඝරත්නය පෙරටු කොට රථ පෙරහරයකින් අස්ගිරි‍ මහා විහාරයේ සිට ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ශ්‍රී දළදා මාළිගාව වෙත පෙරහරකින් ගමන් කොට ඓතිහාසික මඟුල් මඩුව වෙත පැමිණීමෙන් අනතුරුව අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පූජෝත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පූජෝත්සවයෙන් අනතුරුව නැවතත් යටිනුවර වීදිය ඔස්සේ මහා සංඝරත්නය පෙරටු කොටගත් පෙරහර නැවත අස්ගිරි විහාරය වෙත පැමිණිමට නියමිතය.
     
     
    මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ, සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර යන මහත්වරු ඇතුළු තවත් රජයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.
     
    NDH/TA-dmu Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya