මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් රණවිරු උත්සවය මහනුවර මයිලපිටියේදී

    ජූනි 04, 2015
    A ranaviru aජාතික රණවිරු උළෙලට සමගාමීව පවත්වන මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල  මේ මස 05 වැනි දින පෙ.ව. 9.00 ට මයිලපිටිය රණවිරු උද්‍යානයේදී මධ්‍යම පළාත් ආණුඩුකාර සුරංගනී ඒල්ලාවල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
     
    රට දැය වෙනුවෙන් දිවි පිදූ මධ්‍යම පළාතේ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් 3000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී රණවිරුවන් සිහි ගන්වමින් පහන් දැල්වීමේ වැඩසටහනක් ඇතුළු තවත් වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබේ. 
     
    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහභාගී වන මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභාව ඇතුළු තවත් ආයතන රැසක් එකතුව සංවිධානය කරනු ලබයි.
     
     AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya