අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පෝෂණ මාසය - ජූනි 2015

    මැයි 31, 2015
    ජනතාවගේ පෝෂණ තත්ත්වය නංවාලීමේ අරමුණින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් වසරක් පාසා ප‍්‍රකාශයට පත් කරනු ලබන ජාතික පෝෂණ මාසය මෙවරද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    මෙවර පෝෂණ මාසයේ තේමාව ලෙස ”සුව අතරින් සවිය ලබමු - ශ‍්‍රම බලයෙන් දැය නංවමු” යන්න හඳුන්වා දී තිබේ. මේ යටතේ ප‍්‍රජාවගේ පෝෂණ තත්ත්වය නංවාලීම සඳහා දැනුවත් කිරීම හා ආකල්පමය වෙනසක් ඇති කිරීම ජාතික පෝෂණ මාසයේ ප‍්‍රධාන අරමුණ වේ.
     
     
    මෙයට සමගාමීව ශ‍්‍රම බලකායේ පෝෂණය නංවාලීම සඳහා විශේෂ අවධානය යොමු කිරීම සඳහා අදාළ සියලුම පාර්ශවකරුවන් එක්ව වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත. මේ තුළින් ශ‍්‍රී ලාංකික ශ‍්‍රම බලකායේ පෝෂණ තත්ත්වය ඉහළ නංවා දැයේ සමෘද්ධිය ළඟා කර ගැනීමට මෙන්ම නැණවත් ජවසම්පන්න ප‍්‍රජාවක් බිහිකිරීමට ද නිසි පෝෂණය සෘජුවම දායක කර ගැනීමට හැකිවනු ඇත.  
     
     
    ජාතික පෝෂණ මාසය තුළ ආරම්භ කරනු ලබන වැඩසටහන් නොකඩවා ක‍්‍රියාත්මක කිරීමට ජාතික, පළාත් , දිස්ත‍්‍රික් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් ද  සැලසුම් කර තිබේ.
     
     
    මේ පිළිබඳ වැඩි තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධිකරණ අංශයේ 011-2368320/23 දුරකථන අංකයෙන් තොරතුරු ලබා ගත හැකිය. 
     
    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya