අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදිත නව ශාකසාර නිෂ්පාදන එළිදැක්වේ

    මැයි 29, 2015
    ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මඟින් නිෂ්පාදිත නව ශාකසාර නිෂ්පාදන 12ක් දේශීය හා විදේශීය වෙළෙඳපොළ සඳහා එළිදැක්වීම සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදුකෙරිණි.
     
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, සියලුම ආයුර්වේද උපාධිධාරීන්ට රැකියා ලබා දෙන්න කටයුතු කරන බවත් ආයුර්වේද වෛද්‍යවරුන් ද බටහිර වෛද්‍යවරුන් මෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ තත්ත්වයට ගෙන ආ යුතු බවත් පැවසීය.
     
    බටහිර හා දේශීය වෛද්‍ය විද්‍යාව සමාන විය යුතුයි. බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරුවා කියා හෝ එයින් තොර විද්‍යාවක් නැතැයි කියා එයට කොටු නොවිය යුතුයි. ආයුර්වේදය නවීකරණය විය යුතුයි. ආයුර්වේද වෛද්‍ය සභාවේ සිටිය යුත්තේ වෛද්‍යවරුන්. අපේ රටේ ඖනෑ තරම් ආයුර්වේද වෛද්‍යවරුන් සිටිනවා. ඒ නිසා මේ සම්බන්ධ සියලු තීන්දු තීරණ ගැනීමේ බලය ඔවුන්ට ලබා දිය යුතුයි.
     
    බටහිර වෛද්‍ය කවුන්සිලය හා සමානව ආයුර්වේද වෛද්‍ය කවුන්සිලයත් සකස් විය යුතුයි. අල බටහිර රටවලත් විකල්ප වෛද්‍ය ක්‍රමවලට යනවා. මේ රටේ සංස්කෘතියත් සමඟ බැඳී පවතින මිනිසාගේ මනස වෙනස් විය යුතුයි. අපට නිවැරදි නිරෝගී බව සඳහා විසඳුමක් අවශ්‍යයි. ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රම යොදා ගත හැකියි. මේ රටේ සෞඛ්‍ය ඉහළ නංවන්න හිටපු සෞඛ්‍ය ඇමතිවරුන් මෙන් ම රජයන් විශාල සේවයක් කළා. මේ සඳහා වෛද්‍යවරයාගේ සිට කම්කරුවා දක්වා ම විශාල කැපකිරීම් කර තියෙනවා. අද අපේ රට මාකට් කරන්න හැකි භාණ්ඩයක් සෞඛ්‍යය කියන්නේ. ඒ නිසා මේ රටේ ආයුර්වේදය අප ගොඩනැගිය යුතුයි. රටක් ගොඩනගන්න නම් මේ රටේ තිබූ ඒවා මුලින් ම ගොඩනැගිය යුතුයි. 
     
    ආයුර්වේදය ගැන උවමනාවක් ඇති මිනිසුන් යොදා ගෙන මේ වෛද්‍ය ක්‍රමය දියුණු කළ යුතුයි. එවිය උසස් මට්ටමින් ජාත්‍යන්තරය කරා එය ගෙන යා හැකියි. පසුගිය කාලයේ ඔසු උයන් කැලෑ වැදුණා. ඒවා දැන් ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා. ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පිහිටුවනවා. බටහිර වෛද්‍ය විද්‍යාවේ හැම ඖෂධයක ම අතුරු ප්‍රතිඵලයක් තිබුණත් ආයුර්වේද ඖෂධවල එසේ නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya