මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ෆ්ලුවන්සා රෝගයෙන් ආරක්ෂා වන්න- මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

    මැයි 30, 2015

    A1H1ඉන්ෆ්ලුවන්සා පැතිර යාමේ අවධානම හේතුවෙන් මහජනතාව ගැවෙසෙන පූජා භූමිවල සහ දන්සැල් ආශ්‍රිත ස්ථානවල ගැවසීමේ දී තම සෞඛ්‍ය ආරක්ෂව පිළිබඳව සැළකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

     
    විශේෂයෙන් ම මුව ආවරණ භාවිත කිරීම, දෑත් සබන් යොදා පිරිසිදුව තබා ගැනීම, යන කාරණා පිළිබඳව ජනතාව අවධානය යොමු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පවසයි.
     
    ඉන්ෆ්ලුවන්සා රෝගය පිළිබඳව පසුගිය දා වසංගත රෝග විද්‍යා ඒකකයේ පැවැති මාධ්‍ය හමුවේ දී අනාවරය වූයේ,  2015 වසර තුළ ආසාදනයට ලක්වූ රෝගීන් 143ක් වාර්තා වූ බවයි. මේ වනවිට ඉන්ෆ්ලුවන්සා හේතුවෙන් රෝගීන් 07ක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
     
    ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිරීම වැලැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක් ම ගෙන ඇති බවත් සියලු රෝගල් ඒ පිළිබඳව දැනුවත් කර ඇති බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya