අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උඩුනුවර ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයට නව බස්නායක නිලමේවරයෙක්

    ජනවාරි 18, 2015

    මහනුවර, උඩුනුවර ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස අමුණුගම උඩවලව්වේ ප්‍රියන්ත අමුණුගම මහතා තෝරා පත්කර ගෙන ඇති අතර පෙරේදා (16) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නිලවරණයේදී අමුණුගම මහතා එම තනතුර සඳහා නිතරගයෙන් තේරී පත් විය.


    ප්‍රියන්ත අමුණුගම මහතා බස්නායක නිලමේවරයා ලෙස ජයන්ත හීන්කෙන්ද මහතා විසින් යෝජනා කළ අතර එය ස්ථිර කළේ සීවලී නුගේගොඩ මහතායි. ඒ අනුව ඉදිරි වසර පහක කාලයක් සඳහා උඩුනුවර ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස ප්‍රියන්ත අමුණුගම මහතා කටයුතු කරනු ඇත.

    මෙම නිලවරණය සඳහා මහනුවර දිසාපති එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න හා මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් පරාක්‍රම ජයවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.


    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya