අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    16 වැනි බෙනඩික්ට් කිතුනු සංස්කෘතික හා දේවධර්ම නිකේතනය පාප් වහන්සේ විවෘත කරයි

    ජනවාරි 16, 2015
    තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ශුද්ධෝත්තම පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (15) මීගමුව බෝලවලානේ ඉදිකළ 16 වැනි බෙනඩික්ට් කිතුනු සංස්කෘතික හා දේවධර්ම නිකේතනය නිල වශයෙන් විවෘත කළේය.
     
    එම නිකේතන භූමිය වෙත පැමිණි පාප් වහන්සේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන්, එම නිකේතනයේ ගෘහනිර්මාණ ශිල්පී කටයුතු ඉටුකළ ගරු කුවින්ටස් ප්‍රනාන්දු පියතුමන්, බෝලවලාන කානික්ක දේවමාතා දේවස්ථාන පාලනාධිපති ගරු සුදත් අතුකෝරාළ පියතුමන් විසින් පිළිගන්නා ලදී. 
     
    ඉන්පසුව පාප් වහන්සේ දෙව්මැඳුර තුළ දී නිහඬ යාච්ඤාවක යෙදීමෙන් අනතුරුව දෙව්මැඳුරත්, රැස්ව සිටි පියතුමන්ලා, කන්‍යා සොයුරියන් සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සහ ඇමැතිවරු ඇතුළු විශේෂ ආරාධිතයෝ ද ආසිරි ගැන්වූහ. 
     
    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya