අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නත්තල් කැරොල් ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් හිදී

    දෙසැම්බර් 21, 2014

    ‘තරු අහස යට නත්තල‍‘ නමින් නත්තල් කැරොල් වැඩසටහනක් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුගිය සිකුරාදා (19) කොළඹ 07, ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් හිදී පැවැත්විණි.

    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී විය.

     

    ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා අංශයේ සභාපති අයෝමා රජාපක්ෂ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

     

    නත්තල් කැරොල් ගායනාවලින් අලංකාර වූ මෙම වැඩසටහන කිතු උපත සැමරීම නිමිති කරගෙන නිර්මාණාත්මක අංගවලින් සමන්විත විය.

     

    සිරස සුපර් ස්ටාර්ස් ජයග්‍රාහකයන් විසින් නත්තල් කැරොල් ගීත සහිත සංගීත තැටියක් ද මෙම අවස්ථාවේ දී ආරක්ෂක ලේකම්වරයාට හා ප්‍රධාන ආරාධිත අගරදගුරු හිමිපාණන්ට පිළිගන්වනු ලැබීය.

     

    විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු ආරක්ෂක අංශවල ප්‍රධානීහු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya