අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනකලා සිසුන්ගේ ශීර්ෂාභරණ මංගල්‍යය අද

    දෙසැම්බර් 19, 2014
    අනාදිමත් කාලයක සිට අපගේ මුතුන් මිත්තන් විසින් පරපුරෙන් පරපුරට දායාද කරමින් පවත්වා‍ගෙන ආ උඩරට නර්තන සම්ප්‍රදායේ පවතින ශීර්ෂාභරණ මංගල්‍ය නර්තන අභිෂේක කිරීම‍ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ නර්තන පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ගේ ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍ය අද (19) බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
     
    එදින ප.ව.6.00ට ජනකලා රංග ශාලාවේදී සිසු දරුවන් කළඑළි හා සංස්කෘතික දැක්ම වේදිකාගත වේ. අස්පර්ෂණීය උරුමයන් මෙන්ම අපේ චාරිත්‍රවාරිත්‍ර විධි අරක්ෂා කිරීම මෙන්ම ඒවා මතු පරපුරට දායාද කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ වේ.
     
    මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා සහභාගී වීමට නියමිතය. 
     
    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya