මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්ගම - බේරුවල ප්‍රතිසංස්කරණ 90%ක් අවසන්

    දෙසැම්බර් 17, 2014
    පසුගිය කාලයේ ඇති වූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් අලුත්ගම බේරුවල ප්‍රදේශයේ අලාභහානියට පත් වූ නිවාස හා ව්‍යාපාරික ස්ථානවල ප්‍රතිසංස්කරණයන්ගෙන් 90%ක වැඩකටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් ඒවා මේ වන විට අයිතිකරුවන්ට භාරදී ඇති බවත් බස්නාහිර පළාත් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උභය මැදවෙල මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ය.
     
    එහිදී නිවාස 223කට අලාභහානි වූ අතර ඉන් මේ වන විට නිවාස 210ක ප්‍රතිසංස්කරණ කටයුතු නිමාකර අයිතිකරුවනට බාරදී ඇති අතර අලාභහානියට පත්වූ ව්‍යාපාරික ස්ථාන 83න් 74ක වැඩකටයුතු සම්පූර්ණ කර ඒවාද එහි අයිතිකරුවනට භාරදී ඇත. මේ වන විට තවත් නිවාස 13ක හා ව්‍යාපාරික ස්ථාන 9ක වැඩකටයුතු සිදුකරමින් පවතී. ඒසේම මෙම වසර නිමාවීමට ප්‍රථම මෙම ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කර ඒවාද භාරදීමට කටයුතු කෙරේ.
     
    සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති ගොඩනැගිලි 12ක අලුතින් ම ඉදිකිරීමට සිදුවන බැවින් ලබන වසරේ පෙබරවාරි මාසය වන විට එම ගොඩනැගිලි ද නැවත ඉදිකර බාරදීමට කටයුතු කෙරේ.
     
    මෙම ප්‍රතිසංස්කරණයන් සඳහා රුපියල් මිලියන 150ක් ලබා දී ඇති බවත් මෙතෙක් කරන ලද ප්‍රතිසංස්කරණයන් සඳහා ඉන් මිලියන 123ක් පමණ වැය වී ඇති බවද උභය මැදවල මහතා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya