අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සිනමා උළෙල හෙට සිට

    නොවැම්බර් 26, 2014
    යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස සංවිධානය කරනු ලබන යුරෝපා චිත්‍රපට උළෙල හෙට (27) සිට දෙසැම්බර් 05 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ.
     
    ඒ අනුව 27දා පස්වරු 6.30ට පෝලන්ත චිත්‍රපටයක් වන Papusza චිත්‍රපට ප්‍රදර්ශනය කරමින් මෙම චිත්‍රපට උළෙල ආරම්භ වන අතර මෙ දින චිත්‍රපට උළෙල ආරාධිතයන් සඳහා පමණක් විවෘත වේ.
     
    28දා පස්වරු 3.30ට නෙදර්ලන්ත චිත්‍රපටයක් වන Meeskees ද , පස්වරු 6.30ට ස්ලෝවැකියා චිත්‍රපටයක් වන The Legend of The Flying Cyprian චිත්‍රපටය ද ප්‍රදර්ශනය කෙරේ.
     
    29දා පස්වරු 3.30ට ප්‍රංශ චිත්‍රපටයක් වන Pater හා පස්වරු 6.30ට එක්සත් රාජධානි චිත්‍රපටයක් වන The Invisible Women (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි) ප්‍රදර්ශනය කෙරේ.
     
    30දා පෙරවරු 10.30ට පෝලන්ත චිත්‍රපටයක් වන Papusza, පස්වරු 3.30ට ඩෙන්මාර්ක් චිත්‍රපටයක් වන  Kapringn හා පස්වරු 6.30ට ජර්මන් චිත්‍රපටයක් වන Finsterworld ප්‍රදර්ශනය කෙරේ.
     
    දෙසැම්බර් 01දා පස්වරු 3.30ට ස්ලෝවැකියා චිත්‍රපටයක් වන Tiger in The City, පස්වරු 6.30ට රුමේනියානු චිත්‍රපයක් වන The Rest is Slience (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි) ප්‍රදර්ශනය කෙරේ.
     
    02දා පස්වරු 3.30ට ස්විස්ටර්ලන්ත චිත්‍රපටයක් වන I'll be the Goalie (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි), පස්වරු 6.30ට ඉතාලි චිත්‍රපටයක් වන It was the Son ප්‍රදර්ශනය කෙරේ.
     
    03දා පස්වරු 3.30ට එක්සත් රාජධානි චිත්‍රපටයක් වන Muse of Fire (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි), පස්වරු 6.30ට නෙදර්ලන්ත චිත්‍රපටයක් වන The Marathon (වැඩිහිටියන්ට පමණයි) ප්‍රදර්ශනය කෙරේ.
     
    04දා පස්වරු 3.30ට ජර්මානු චිත්‍රපටයක් වන Measuring the World (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි), පස්වරු 6.30ට ස්විස්ටර්ලන්ත චිත්‍රපටයක් වන Night Train to Lisbon (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි) ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
     
    05දා පස්වරු 3.30ට ප්‍රංශ චිත්‍රපයක් වන Bright Days A head (වැඩිහිටියන්ට පමණයි), පස්වරු 6.30ට ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන "දැකල පුරුදු කෙනෙක්" (වැඩිහිටියන්ට පමණයි) වේදිකාගත කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya