අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහන

    නොවැම්බර් 25, 2014
    සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතාගේ මෙහෙයවීමෙන් පසුගියදා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.  
     
    කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය ශාස්ත්‍රපති ගෙන්බද්දල දමිත ස්වාමින් වහන්සේගේ සංවිධායකත්වයෙන් මෙය පැවැත්විණි.
     
    දිස්ත්‍රික්කයේ නිපුණතා ඇගයීම් ඉසව් 39ක් සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩල 19ක දහම් පාසල් දරු දැරියන් 750 දෙනෙකු පමණ මේ සඳහා සහභාගී වූ අතර මෙහිදී නිපුණතා ඉසව් 39හි ප්‍රථම ස්ථාන ලබා ගත් දරු දැරියන් 39 දෙනෙකු සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලැබූහ.
     
    NDH/WJ-dmu colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya