අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සබරගමුව පිරිවෙන් ප්‍රතිභා ප්‍රභා” ගුරු සිසු කුසලතා ඇගයීම් හා උපහාර පිදීමේ උළෙල

    නොවැම්බර් 19, 2014

    පිරිවෙන් අධ්‍යාපනයේ නව ප්‍රබෝධයක් ඇති කිරීම වෙනුවෙන් තීරණ රැසක් ගෙන තිබෙන බවත් නව පිරිවෙන් පනත නීතිපතිතුමා වෙත ඉදිරිපත් කර තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    “සබරගමුව පිරිවෙන් ප්‍රතිභා ප්‍රභා” ගුරු සිසු කුසලතා ඇගයීම් හා උපහාර පිදීමේ උළෙල -2014 පසුගිය දා රත්නපුර නව නගරයේ සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති අතර එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    දිවයින පුරා පිරිවෙන් 750ක් තිබෙන අතර එම පිරිවෙන්වල යටිතල පහසුකම් සඳහා පසුගිය වසරේ රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දුන් අතර මෙම වසරේ අය-වැයෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට කටයුතු කර තිබෙන බව ද අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

    අමාත්‍යතුමා ප්‍රකාශ කළේ රජයේ පාසල්වල ගුරුවරුන්ට ලබා දී තිබෙන සියලු ම වරප්‍රසාද පිරිවෙන් ගිහි පැවිදි ගුරුවරුන්ට ලබාදී තිබෙන බවයි. යහපත් සමාජයක් ගොඩනැගීමට නම් ආගම, මව් භාෂාව, රටේ ඉතිහාසය ඉගෙන ගත යුතු බව ප්‍රකාශ කළ අමාත්‍යතුමා ලබන වසරේ සිට ජාත්‍යන්තර පාසල්වල ද එම විෂයයන් ඉ‍ගැන්වීම අනිවාර්ය කරමින් නීතියක් ගෙන තිබෙන බව පැවසීය.

    පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය පිණිස සේවය කොට විශ්‍රාම ලැබූ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් සම්බන්ධීකරණ) පූජ්‍ය මාවෙල සුමන හිමිපාණන්ට, පරිවේනාධිපති  හිමිවරුන්ට, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. අබේසිංහ මහතාට හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් ගලබඩ මහතාට උපහාර පිදීම මෙහිදී සිදු විය. වසර 25කට වඩා සේවය කර ඇති පරිවේනාචාර්ය හිමිවරුන්ගේ හා මහත්වරුන්ගේ සේවය ඇගයීම හා උපහාර පිදීම -2014 අන්තර් පරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයේ ජයග්‍රහකයින්ට සහතික හා ත්‍යාග ප්‍රදානය හා රජයේ විභාගවලින් සිසුන්ට උසස් ම ප්‍රතිඵල අත්කර දුන් විශිෂ්ටතම ගුරුවරුන්ට සම්මාන ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණි.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya