අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක රූපවාහිනි දින සැමරුම් උළෙල 21 දා

    නොවැම්බර් 19, 2014
    ලෝක රූපවාහිනි දින සැමරුම් උළෙල ලබන 21දා පස්වරු 4.00ට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක හා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රවීණ නිළි, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මියගේ සහභාගිත්වයෙන් කොළඹ 07, රාජකීය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.
     
    මෙහිදී මාධ්‍ය අධ්‍යාපනය උදෙසා අනූපමේය සේවයක් කළ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාට හා අරුණා සෙල්ලතුරෙයි මහතාට යාවජීව සම්මානය ප්‍රදානය කිරීම ද, 2013 වසරේ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකේය රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්ෂවරුන්, කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්  හා රූපවාහිනි මාධ්‍ය පිළිබඳ ව 2013 වසරේ හොඳම සාහිත්‍ය කෘතිය සම්මානයෙන් පිදීම ද සිදුකෙරෙන අතර මීට අමතර ව ලෝක රූපවාහිනි දිනයට සමගාමී ව දීප ව්‍යාප්තව පැවත්වූ රචනා තරගයේ ජයග්‍රාහකයන්ට සහතික හා සම්මාන පිරිනැමීම ද  සිදුකිරීමට නියමිතය.
     
    ලෝක රූපවාහිනි දින සැමැරුම් උළෙලේ ප්‍රධාන දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින් පවත්වනු ලබන අතර ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශ ලේකම් ආචාර්ය චරිත හේරත් හා ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා විසින් කෙටි දෙසුම් පැවැත්වීමට ද නියමිතය.
     
    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් ලෝක රූපවාහිනී දිනය  ලෙස නොවැම්බර් 21 දා නම් කර ඇති අතර ශ්‍රී ලංකාවේ ඒ පිළිබඳ ව ජාතික මට්ටමේ ප්‍රථම සැමරුම් උළෙල සියලු ම රූපවාහිනී නාලිකා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය රූපවාහිනී කලා අනුමණ්ඩලය පියවර ගෙන ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya