අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියැටල් චිත්‍රපට උළෙලට ශ්‍රී ලාංකේය චිත්‍රපට 4ක්

    ඔක්තෝබර් 31, 2014

    9 වැනි වාර්ෂික සියැටල් දකුණු ආසියානු චිත්‍රපට උළෙලේ දී ශ්‍රී ලාංකේය චිත්‍රපට 4ක් තිරගත කිරීමට නියමිතය.


    ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක‘ (With you Without you) චිත්‍රපටය නොවැම්බර් 9 වැනිදා සියැටල් දකුණු ආසියානු චිත්‍රපට උළෙලේදී තිරගත කිරීමට නියමිතය.

     

    සීග්‍රයෙන් වෙනස් වන ගැමි ජීවිතය ස්පර්ශ කරමින් තුන් ඈඳුණු ආදර කතාවක් පාදක කරගත් විසාකේස චන්ද්‍රසේකරම් මහතා අධ්‍යක්ෂණය කළ 'Frangi pani' චිත්‍රපටය නොවැම්බර් 08 තිරගත කෙරේ.

     

    සුමුදු අතුකෝරාල අධ්‍යක්ෂණය කළ 'Hole in the Wall' කෙටි චිත්‍රපටය ද නොවැම්බර් 9 චිත්‍රපට උළෙල නියෝජනය කිරීමට නියමිතය.
     
    ආනදෝලනාත්මක සත්‍ය සිදුවීමක් වූ අරාබි රජයේ සාහසික දඬුවමකට ලක් වූ බාල වයස්කාර ගෘහ සේවිකාවක් වූ රිසානා නාෆීක් තරුණියගේ කතාව පාදක කර නිර්මාණය කරන ලද නාද්‍යා පෙරේරා මහත්මිය අධ්‍යක්ෂණය කළ ‘පෙබරවාරි 04‘ ('4th of February') වාර්තා චිත්‍රපටය ද නොවැම්බර් 3 තිරගත කිරීමට නියමිතය.

     

    කීර්තිමත් ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතා 9 වැනි වාර්ෂික සියැටල් දකුණු ආසියානු චිත්‍රපට උළෙල නියෝජනය කරයි. චිත්‍රපට උළෙලේ අවසාන දිනයේ විතානගේ මහතා එහි ජූරි මණ්ඩල සාකච්ඡාවකටද සහභාගී වීමට නියමිතය.

     

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැදිහත්කරුවෙකු ලෙස බ්‍රිතාන්‍ය කොලොම්බියා සහ කැනඩාව පදනම් කරගත් චිත්‍රපට නිෂ්පාදනය කෙරෙන අන්ජුල රසාන්ග මහතා ද මෙම උළෙලට සහභාගී වෙයි.‍

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya