අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රටක දැක්ම" අද සිට නිදහස් චතුරස්‍රයේදී

    නොවැම්බර් 01, 2014

    1948 පෙබරවාරි 04 වන දා රටට නිදහස දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලාංකේය ජනතා නායකයන් ජාතියට කළ දායාදයන් හා ඒ ආශ්‍රිත සිදුවීම් හා යාවුණු "රටක දැක්ම" දුර්ලභ සේයා රූ දැක්ම අද (01) පස්වරු 5.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී විවෘත වේ.


    හෙට (02), අනිද්දා (03) හා නොවැම්බර් 04 යන දිනයන්හි පෙරවරු 9.00 සිට රාත්‍රී 7.00 දක්වා මේ ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘත ව තිබේ. ප්‍රදර්ශනය නොමිලේ නැරඹිය හැකිය.

    මෙය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් සිදු කරන අතර "රටක දැක්ම" ඡායාරූප ප්‍රදර්ශනය ප්‍රවීණ ඡායාරූප ශිල්පී සුදත් සිල්වා මහතාගේ නිර්මාණ අධ්‍යක්ෂණයකි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya