අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    62 වන සේනාංක සංවත්සර සැමරුම වෙනස් ම මුහුණුවරකින්

    ඔක්තෝබර් 23, 2014

    වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 62 වන සේනාංකයේ 4 වන සංවත්සරය වෙනුවෙන් ප්‍රථම වතාවට එක ම වේදිකාවක මල්ලව පොර, ජූඩෝ, මුෂ්ටි ප්‍රහාර, කරාතේ, වූෂු, තයිකොන්ඩු සහ දේශීය ක්‍රීඩාවක් වන අංගම්පොර ආදී බොහෝ අංගවලින් සම්පූර්ණ සටන් කලා සංදර්ශනයක් පසුගියදා පැවැත්විණි.


    එය නැරඹීම සඳහා විශාල පිරිසක් ද සහභාගී වූහ. 62 වන සේනාංකයේ සේනාංකාධිපති, බ්‍රිගේඩියර් කේ.ජී.ඩී. පෙරේරා මහතාගේ ආරාධනය පිළිගෙන, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

    පැමිණ සිටි සියලු සේනාංකාධිපතිවරුන්, බල සේනාධිපතිවරුන් මෙන් ම සිවිල් වැසියන් ද මවිතයට පත් කරමින් තම සහජ දක්ෂතාව සහ හැකියාවන් ඉදිරිපත් කළ මෙම තරගකරුවන් අතරින් ජයගත් ජයග්‍රාහකයන්ට කුසලාන පිරිනැමීම ද සිදු කෙරිණි.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya