අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු සිනමා ශාලා ඩිජිටල්කරණයට පියවර

    ඔක්තෝබර් 21, 2014
    සියලු සිනමා ශාලා 2015 මාර්තු 31වැනි දිනට ප්‍රථම ඩිජිටල්කරණය කිරීමට සිනමා ශාලා හිමියන් දැනුවත් කොට ඇතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) චිත්‍රපට සංස්ථාවේ එකතු වී ඇති ප්‍රදර්ශනය නොකළ සිනමා පටවල අධ්‍යක්ෂවරුන් සමග ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදීය.
     
    මේ වන විට සිනමා ශාලා 20ක් පමණ ඩිජිටල්කරණය කොට ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    චිත්‍රපට බෙදාහැරීමේ නියෝජිතවරු චිත්‍රපටයක් බෙදාහැරීමේ දී අයකරනු ලබන 10%ක මුදලින් 2.5%ක මුදලක් සිනමා කර්මාන්තයේ යෙදී සිටින්නන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් පිහිටුවාගන්නා අරමුදලකට යෙදවීමටත් ඒ හරහා සිනමාකරුවන්ගේ සුබසාධන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    මේ වන චිත්‍රපට සංස්ථාවේ එකතු වී ඇති චිත්‍රපට සඳහා පෞද්ගලික චිත්‍රපට මණ්ඩල හා සමග සාකච්ඡා කොට අවස්ථාව ලබාදීමටත් චිත්‍රපට සංස්ථාවේ සිනමා ශාලාවල එම චිත්‍රපට සියල්ල අවසන් වනතුරු අවස්ථාව ලබාදීමටත් කටයුතු කෙරෙන බව ද මෙහිදී අනාවරණය විය.
     
    චිත්‍රපට නිෂ්පාදකයන්ට රූපවාහිනි සේවාවන් හරහා ප්‍රචාරයන් ලබාගැනීමේ යම් සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙස මෙහිදී අධ්‍යක්ෂවරුන් විසින් අමාත්‍යවරයාගෙන් විමසන ලදී. එහිදී සියලු සිනමාපට සඳහා නො ව එකතු වී ඇති සිනමාපටයන් සඳහා රජයේ රූපවාහිනි නාලිකා තුළින් සහනයක් ලබාදීමට සභාපතිවරු සමඟ සාකච්ඡා කොට කටයුතු සලසන බවට ද පොරොන්දු විය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya