අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ඇරඹේ

    ඔක්තෝබර් 21, 2014

    1960 වර්ෂයේ ස්ථාපිත කරන ලද අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය ආරම්භ කර දැනට වසර 54ක් සපිරේ.ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානව ක‍්‍රියාකාරකම් ක‍්‍රිස්තු පූර්ව 6 වන සියවසේ දී විජයාගමනය සහ ක‍්‍රිස්තු පූර්ව 3වන සියවසේ දී මහින්දා ගමනය ආදී මානව ශිෂ්ටාචාරයේ සුවිශේෂී පරිවර්තනයන් සහිත නව හැරවුම් ලක්‍ෂයන් කරා යොමු කළ විශේෂ සිදුවීම් රැසක් සිදු වූ අනුරාධපුර ශිෂ්ටාචාරය පාදක කරගත්, පුරාවිද්‍යා කටයුතු විධිමත් පරිදි ආරම්භ වීමත් සමඟ ගවේෂණ සහ කැණීම් මගින් එක්රැස් කර ගන්නා ලද පුරාවස්තු විශාල ප‍්‍රමාණයක් තැන්පත් කර ඇති මෙම කෞතුකාගාරය තුළින් සාමාන්‍ය නරඹන්නාගේ සිට පුරාවිද්‍යාව පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන දේශීය විදේශීය විද්වතුන් දක්වා සිදුවන මෙහෙය අතිමහත්ය.

    කෞතුකාගාරය ප‍්‍රතිසංවිධානය කිරීමේ මූලික අදියරක් වශයෙන් එම කෞතුකාගාරයේ බි‍්‍රතාන්‍ය යුගයට අයත් දෙමහල් ගොඩනැගිල්ල හා පසු කාලීන ව ඉදිකරන ලද එක් ගොඩනැගිල්ලක් රුපියල් මිලියන පනස් දෙකක (52) වියදමක් දරා මේ වන විට සංරක්‍ෂණය  කර අවසන් වී ඇත. මෙම දෙමහල් ගොඩනැගිල්ල බි‍්‍රතාන්‍ය අවධියේ දී දිසාපති කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ඉදිකර ඇති අතර මෙහි පෞරාණික අගය හේතුකොට ගෙන 2013 වසරේ දී සංරක්‍ෂණ කටයුතු ආරම්භ කරන ලදී. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වයෙන්, ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ ශ‍්‍රම සහභාගීත්වයෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණයෙන් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන ලද අතර මෙම ගොඩනැගිල්ලේ සංරක්‍ෂණ කටයුතු මේ වන විට මුළුමනින් ම අවසන් කර ඇත.
     
    අනුරාධපුර ඉතිහාසය සහ ශ‍්‍රී ලංකාවේ තාක්‍ෂණික ඉතිහාසය ප‍්‍රධාන තේමාව කර ගනිමින් විශිෂ්ට ගණයේ පුරාවස්තු, ආදර්ශක ආකෘති හා නවීන තාක්‍ෂණය භාවිත කරමින් ප‍්‍රාග් ඉතිහාසය, වාරි තාක්‍ෂණය, වාස්තු විද්‍යාව, අනුරාධපුර යුගයේ සිතුවම්, ශ‍්‍රී ලංකාවේ පැරණි කාසි, ලෝහ තාක්‍ෂණය, මැටි කර්මාන්තයේ තාක්‍ෂණය සහ විවිධ පුරාවස්තු යන තේමා යටතේ මෙහි ප‍්‍රදර්ශන කුටි සංවිධානය කෙරෙනු ඇත.
     
    ECB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya