අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හින්දු ආගමික දහම් පාසල් දරු දැරියන්ට ත්‍යාග හා සහතිකපත්

    ඔක්තෝබර් 19, 2014

    හින්දු ආගමික දහම් පාසල් දරු දැරියන්ගේ සාමාන්‍ය දැනුම වර්ධනය කිරීමේ අරමුණින්  දීප ව්‍යාප්ත ව සංවිධානය කළ තරගාවලියෙන් ජය ලැබූවන් සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) බම්බලපිටිය, නව කදිරේෂන් ශාලාවේදී සිදු කෙරිණ.


    හින්දු ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පැවැති මෙම තරගාවලියේදී පළාත් මට්ටමින් දරු දැරියන් විසි දෙදෙනෙකු හා දිස්ත්‍රික් මට්ටමින් ජය ලැබූවන් 400 දෙනෙකු මෙහි දී තිළිණ ලැබූහ.

     

    බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක, හින්දු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශාන්ති නවුකරාසන් මහත්මිය ඇතුළු නිලධාරීන් හා හින්දු ආගමික දහම් පාසල්වල ආචාර්ය මණ්ඩල සහ දරු දැරියෝ විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී ව සිටියහ. 

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya