අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ වාචික තරග ඔක්තෝබරයේ

    සැප්තැම්බර් 25, 2014

    2014 සිංහල භාෂාව හා සාහිත්‍ය  තරගාවලියේ (වාචික) සමස්ත ලංකා හා ජාතික මට්ටමේ තරග ඔක්තෝබර් 04, 05, 11 සහ 12 යන දිනයන්හි කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික භාෂා හා මානව ශාස්ත්‍ර අංශයේ සිංහල භාෂා ඒකකය කටයුතු යොදා ඇත. 


    මෙම තරග සෑම දිනක ම පෙ.ව. 9.00ට ආරම්භ වන අතර පළාත් මට්ටමින් පද්‍ය ගායනා, කථික තරග, කියවීමේ තරග යන ඉසව්වලින් ප්‍රථම හා දෙවන ස්ථාන ලබාගත් පාසල් සිසුන් මෙයට සහභාගී වේ.

     

    0112-787037 සහ 071-4484315 යන දූරකතන අංක ඔස්සේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එල්.එස්. අබේවික්‍රම මහත්මිය ඇමතීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය. 

     

    තරග කාල සටහන අනුව  ලබන 04 දින පෙරවරු 9.00ට 6 හා 7 ශ්‍රේණි සඳහා පද්‍ය ගායනා තරගත් පෙ.ව.11.30 9 හා 10 ශ්‍රේණි සඳහා කථික තරගත් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වේ.

     

    ලබන 05 දින පෙරවරු 9.00ට 09 ශ්‍රේණියට පද්‍ය ගායනා, පෙරවරු 11.30ට 10 ශ්‍රේණියට පද්‍ය ගායනා තරගත් පැවැත්වේ. එදිනම පෙ.ව. 9.00ට 6, 7 ශ්‍රේණි සඳහා කථික තරගත් පෙ.ව. 11.30ට 8 ශ්‍රේණියට කථික තරගත් පැවැත්වීමට නියමිතය.    



    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya