අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රසාද සම්භාවනා උළෙල උත්කර්ෂවත් අන්දමින්

    සැප්තැම්බර් 14, 2014

    කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රසාද සම්භාවනා උළෙල ඊයේ (13) විශ්විද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණ.


    කැලණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දැනුම ප්‍රගුණ කොට විශිෂ්ට සමාජ සේවාවන්වල නිරත වන අය සම්භාවනාව සඳහා තෝරාගෙන තිබිණි.


    මෙලෙස සම්භාවනාවට පාත්‍ර වූ 75 දෙනා අතර දැනට විශ්ව විද්‍යාලවල කුලපතිධූරය හොබවන ස්වාමින් වහන්සේලා තුන් නමක් ද උප කුලපති නමක්ද ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී හා තානාපතිවරුන් දෙදෙනෙක්ද කැබිනට් ලේකම්වරයා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු එකළොස් දෙනෙක්ද මහ ලේකම්වරු දෙදෙනෙක්ද සහකාර ලේකම්වරු 27 දෙනෙක්ද දිස්ත්‍රික් ලේකම්වරු පස් දෙනෙක්ද පළාත් ලේකම්වරු දෙදෙනෙක් ද දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානී 16 දෙනෙක් ද සහකාර විගණකාධි ජෙනරාල්වරයෙක් හා ලියාපදිංචි හා කළමනාකරණ අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් ද වූහ.


    ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම උත්සවයට සහභාගී විය.


    රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය රාජකීය පණඩිත පල්ලත්තර සුමනජෝති නායක ස්වාමීන් වහන්සේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන් වහන්සේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන් වහන්සේ සහ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ ද සම්භාවනාවට පාත්‍ර වූ පිරිස අතර වූහ.

     

    SDF

    Prasada-Sambhavana-4Prasada-Sambhavana-3Prasada-Sambhavana-6Prasada-Sambhavana-7Prasada-Sambhavana-8Prasada-Sambhavana-9

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya