අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ළමා නාට්‍ය උළෙල - අද නාට්‍ය 04ක්

    සැප්තැම්බර් 15, 2014
    2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල අද (15)  පස්වරු 5.00ට කොළඹ 07, නව නගර රඟහලේ දී ආරම්භ වන අතර එහිදී ළමා නාට්‍ය 04ක් වේදිකාගත කිරීමට නියමිතය.
     
    ඒ අනුව කොළඹ13, යහපත් එඩේරානන්ගේ කන්‍යාරාමයේ “අද වගේ දවසක්”, කල්මුනේ, තිරික්කෝවිල් විනයාර්ගකුරම් මහා විද්‍යාලයේ “උරිකලිතෛයි අන්බු වයිප්පෝම්”, ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ “අ ගුඩ් ‍ෆ්‍රෙන්ඩ්”, ඩී.කේ. ආටිගල ගේ “අකුරු බූරුවා” වේදිකාගත කෙරේ.
     
    සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එක ම වේදිකාවේ දී පැවැත්වෙන මෙම ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන් ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18ක් තේරාගෙන ඇත.
     
    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක් ව 2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සංවිධාන කරනු ලබයි. 
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya