අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරගොඩ පාස්කු නාට්‍යය මෙවරත් 7 වැනි වරට කරළියට

    අප්‍රේල් 09, 2014


    ශ‍්‍රී ලංකාවේ මෙන්ම මුළු ලෝකයේම කිතුණු බැතිමතුන්ගේ චතාරික සමය පසුගිය මස 05 වැනි දින ආරම්භ විණි.


    ජේසුතුමා දින 40ක් නිරාහාරව යාඥා කිරීම එමගින් සිහිකරන අතර, ලෝකවාසී කිතුණු බැතිමතුන් ඒ පිළිබඳව මෙනෙහි කරමින් මර්ධන ක‍්‍රියාවේ යෙදෙයි.

    මේ චතාරික සමය තුළ ජේසුතුමාගේ දුක්ප‍්‍රාප්තිය සිහිකිරීම සිදු කරයි. මෙම චතාරික සමය (ආලේලූයියා) අප‍්‍රියල් (19)න් අවසන් වේ. චතාරික සමයෙහි සුවිශේෂී කාලය ආරම්භ වන්නේ ගොබ් ඉරිදායින්ය. එදින ජේසුතුමා ඊශ‍්‍රායෙල් ජනතාව විසින් රජෙක් ලෙස පිළිගැනීම සිදුකරන අතර, මහසිකුරාදා දින එම ඊශ‍්‍රායෙල් ජනතාව ම උන්වහන්සේ කුරුසියේ ඇණ තබා මරණයට පත් කිරීම සිදු කර තිබේ.

    මේ චතාරික සමයේ තවත් සුවිශේෂී සිදුවීමක් දේවස්ථාන භූමි තුළ සිදුවේ. එනම් ජේසුතුමාගේ දුක්ප‍්‍රාප්තිය සිහිකිරීමේ සිදුවීම නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීමයි. ඒ අතර ගම්පහ මොරගොඩ සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පාස්කු යාගය නාට්‍යයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙවර හත් වැනි වරට පැවැත්වෙන පාස්කු යාගය නාට්‍යය සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථාන භූමියේ විශේෂ මණ්ඩපයේ කරළියට ගෙන ඒමට ඔවුන් ලහි ලහියේ සූදානමින් සිටී.

    එය මේ මස 13 වැනි දින සවස 6.30 ට පැවැත්වීමට නියමිතය. විශේෂ ආරාධිත අමුත්තා ලෙස රදගුරු අති උතුම් මැක්ස්වල් සිල්වා රදගුරුතුමා පැමිණීමට නියමිතව ඇත.මොරගොඩ මීසම් පාලනාධිපති රවීන් සඳසිරි පෙරේරා පියතුමා 07 වැනි වරට සංවිධානය කෙරෙන මෙම උත්සවයේ පූර්ණ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ජේසුතුමාගේ චරිතයට දිලූප චානක මහතා විසින් පණපොවනු ලබන අතර, ශෂික සිල්වා මහතාගේ අධ්‍යක්ෂණයෙන් එම පාස්කු යාගය නාට්‍යය කරළියට දිග හැරේ.

    මෙය නැරඹීම සඳහා මොරගොඩ මීසම් පාලනාධිපති රවීන් සඳසිරි පෙරේරා පියතුමා බොදු කිතුණු සියලු ම දෙනාට ආරාධනා කර සිටී.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya