මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකීය සිනමාවේ ස්වර්ණමය ගමන ස්පර්ශ කරන - Glimpse of Our Cinema

    සැප්තැම්බර් 02, 2014

    2014 කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ මහජන ආකර්ෂණය දිනාගන්නා එක් වැදගත් අංගයක් ලෙස “අපේ සිනමාව විනිවිද දැකීම“ (Glimpse of Our Cinema) යනුවෙන් නම් කෙරූ ප්‍රදර්ශනය ශ්‍රී ලංකා 67 වසරක සිනමාවේ ස්වර්ණමය ගමන ස්පර්ශ කරයි.



    මෙම ප්‍රදර්ශනය කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ දෙවන දිනය වන හෙට (03) ජාතික චිත්‍රපට, රූපවාහිනී සහ ශබ්ද සංරක්ෂණාගාරය, නො 07, පිලිප් ගුණවර්ධන මාවත, ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව, කොළඹ 07 හිදී ආරම්භ වේ. එය සිනමා උළෙලේ සමාප්ති දිනය වන 07 දක්වා පැවැත්වෙනු ඇත.

     
    පැරණි ඡායාරූප පමණක් නො ව සිනමා කෘතියක් නිර්මාණය කිරීම සඳහා භාවිත කරනු ලබන දුර්ලභ මෙවලම් ද ප්‍රදර්ශනය කිරීම මගින් ලාංකේය සිනමාවේ විකාශනය සූචනය කරන අයුරින් මෙම ප්‍රදර්ශනය සැලසුම් කර ඇත.
     

    රාජ්‍ය චිත්‍රපට ඒකකය, ජාතික චිත්‍රපට සංස්ථාව සහ ජාතික සිනමා, රූපවාහිනී සහ ශබ්ද සංරක්ෂණාගාරය යන ආයතන  හා එක්ව කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලට සමගාමීව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරයි.

     

    සිනමාව හා සිනමා ඉතිහාසය ස්පර්ශ කරන ඡායාරූප, ලේඛන, සිනමා ආම්පන්න, මෙවලම් සහ සිනමාව හා බැඳුණු විවිධ ලිපිලේඛන මෙහි ප්‍රදර්ශනයට තැබීම මගින් මෙතෙක් සිනමා ලෝලීන්ගේ අවධානය නොලැබූ මෙම ආයතන පිළිබඳ දැනුම ලබා දෙන්නටත් හා එම ආයතනවල වටිනාකම ඉහළ නංවා ගන්නටත් හැකියාව ලැබෙනු ඇත.


    ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ඔවුන් සතුව ඇති විවිධ සිනමා මෝස්තර නිර්මාණ, ආකෘති, උපකරණ මෙන් ම සිනමා දර්ශන තල සහ ඇඳුම් ආයිත්තම් නිර්මාණයේ දී යොදා ගැනෙන විවිධ මෙවලම් ඉදිරිපත් කරමින් මේ ප්‍රදර්ශනය තව දුරටත් සාරවත් කරයි.


    මෙහිදී දැක ගත හැකි වන ශබ්ද පට, ඩොලි, කුඩා දොඹකර, රූගත කිරීම්වල දී කෘතිම වැසි සහ සුළං ඇති කිරීම සඳහා භාවිත කරන උපකරණ ආදිය නිසා මෙම ප්‍රදර්ශනය අද්විතීය එකක් බවට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
     

    මෙම ප්‍රදර්ශන භූමියේ දී  අංග රචනය සහ කොණ්ඩා සැකසුම් පිළිබඳ සජීව නිරූපණයන් ද දැක ගත හැකි වීම සුවිශේෂත්වයකි.

     

    ප්‍රේක්ෂකයාට මෙතෙක් කලක් ගෝචර නො වූ මෙවන් ප්‍රදර්ශනයක් මෙරට පළමු වරට පැවැත්වෙන අතර, සිනමා ලෝලීන්ට සහ සිනමාව හදාරණ ශිෂ්‍යයන්ට මෙන් ම පොදුවේ මහ ජනතාවටත් මෙය සුවිශේෂ අත්දැකීමක් වනු නො අනුමානය.

     

    SDF

    home main news slider

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya