අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ ආරම්භය - Beauty and the Beast චිත්‍රපටය

    සැප්තැම්බර් 02, 2014

    සාම්ප්‍රදායික සුරංගනා කතාවක් ඇසුරින් නිර්මාණය වූ ප්‍රංශ-ජර්මන් මනංකල්පිත ආදර අන්දරයක් වන ක්‍රිස්ටෝපර් ගෑන්ස්ගේ Beauty and the Beast (La belle et la bête) චිත්‍රපටය අද (02) රීගල් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කිරීමත් සමඟ 2014 කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ ආරම්භය සනිටුහන් කිරීමට නියමිතය.


    මෙම චිත්‍රපටය 64 වැනි බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කරමින් එහි ප්‍රදර්ශනය කෙරූ නිර්මාණයකි.

     

    මෙම චිත්‍රපටය නරඹන්නන් 19 වැනි ශතවර්ෂයට ගෙන යන අතර ළමුන් සය දෙනෙකු සමඟ රටින් පිටුවහල් කරන ලද නගරයේ කෙළවරක වෙසෙන බංකොළොත් වූ වෙළෙන්දෙකු මුල් කරගත් කතාවකි. මෙම වෙළෙන්දා දුෂ්කර ගමනක යෙදෙන විට මායාවකට හසුව තිරිසන් මෘගයෙකුට හසු වන අතර වෙළෙන්දාගේ වැඩිමහල් දියණිය ඔහු සොයා පැමිණියදී මෙම තිරිසන් මෘගයාගේ සැබෑ හදවත හඳුනාගෙන ඔහු හා පිවිතුරු ආදරයක වෙළී සිය පියාද නැවත හිමිකරගනී. මෙම කතාන්දරය සැබෑ ආදරය සොයාගැනීම පිළිබඳ පවසයි.


    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ අවසානය සිනමා අධක්ෂක ප්‍රසන්න ජයකොඩි ගේ “28“ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් සැප්තැම්බර් 07 වෙනිදා නිමා කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

     

    මහජනයාට ප්‍රදර්ශනය වන පරිදි රීගල් සිනමා ශාලාවේ සකසා ඇති රතු පලසින් ඇවිද යාමට අපේක්ෂා කරන ජාත්‍යන්තර සිනමා දැවැන්තයන් සිනමා උළෙල ආලෝකමත් කරනු ඇතැයි සංවිධායකයින් බලාපොරොත්තු වේ.

     

    SDF

    home main news slider

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya