මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහරට රාජ්‍ය අංශය සූදානම්

    ජූලි 26, 2014
    එළඹෙන ජූලි 27 වැනි දින කප් සිටුවීමත් සමඟ ආරම්භ කිරීමට නියමිත මහනුවර ඇසළ පෙරහරට රාජ්‍ය අංශයේ සියලු කටයුතු සංවිධානය කොට අවසන් බව මහනුවර දිසාපති එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.
      

    සෙනෙවිරත්න මහතා මේ බව පැවසුවේ පසුගියදා මහනුවර දළදා මාලිගාවේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පෙරහර සම්බන්ධීකරණ කමිටුවේදීය.


    සකල ලෝකවාසී බෞද්ධ ජනයාගේ සංස්කෘතික මංගල්‍යයක් වශයෙන් සලකන මහනුවර ඇසළ පෙරහර ලංකාවේ අනන්‍යතාව පෙන්වන අවස්ථාවක් බව පැවසූ දිසාපතිවරයා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පෙරහරට අවශ්‍ය සියලුම කටයුතු සම්බන්ධීකරණය කර දීමට කටයුතු යෙදූ බව ද පැවසීය. ඒ අනුව ජලය, විදුලිය, ප්‍රවාහන, මාර්ග නඩත්තු සහ ආරක්ෂාව යන සෑම අංශයක් පිළිබඳවම සාකච්ඡා වට දෙකක් පවත්වා රාජ්‍ය ඇතුළු රාජ්‍ය නොවන සෑම ආයතනයකම සහයෝගය පෙරහර සාර්ථක කර ගැනීමට ලබා ගත් බව ද ඔහු පැවසීය.


    මෙවර ඇසළ පෙරහර නැරඹීම සඳහා වෙනත් වසරවලට වඩා සැලකිය යුතු පිරිසක් පැමිණෙතැයි විශ්වාස කරන බව පැවසූ දිසාපතිවරයා පෙරහර නැරඹීමට පැමිණෙන සියලු ම බැතිමතුන් විනය ගරුකව එම අවස්ථාවට සහභාගී වන ලෙසද ඉල්ලා සිටියේය.


    ආහාරපාන සහ සෞඛ්‍ය කටයුතු පිළිබඳ මෙම වසරේදී වඩාත් සැලකිලිමත් වන බව පැවසූ දිසාපතිවරයා අධික මිල ගණන් යටතේ හෝ ප්‍රමිතියෙන් තොරව ආහාරපාන අලෙවි කරන වෙළෙන්දන් වැටලීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික කටයුතු අංශය සහ කිරුම් මිනුම් ප්‍රමිති සේවා අංශ යොදවා ඇති බවද පැවසීය. එවැනි පැමිණිලි වෙතොත් ඒවා දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලයට යොමු කරන ලෙස ද දිසාපතිවරයා දැනුම් දෙයි.


    මෙම පෙරහර සම්බන්ධීකරණ රැස්වීම සඳහා දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරු ද සහභාගී වූහ.


    NDH/TA-dmu kandy

     

     
    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya