අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා රාවණ රජුට උපහාර පිදීමේ උත්සවයක්

    ජූලි 22, 2014
    පෞරාණික දේශීය සටන් කලාවක් වන අංගම් ශිල්ප කලාවේ නිර්මාතෘ යැයි සැලකෙන උතුම් ශ්‍රී මහා රාවණ රජුට උපහාර පිදීමේ උත්සවයක් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා  ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය අංගම් ශිල්ප කලා අනු මණ්ඩලය මගින් සංවිධානය කොට තිබේ. 
     
    මෙම උපහාර උත්සවය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 01 වැනි දින ප.ව. 2.30ට කොළඹ, කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    මෙම උපහාර උත්සවයේ දී රාවණ රාජ උපහාර දේශණය ප්‍රවීණ දේශක ආචාර්ය සූරිය ගුණසේකර මහතා විසින් පවත්වනු ලබන අතර අංගම් ශිල්ප සංදර්ශනයක් ද පැවැත්වේ. 
     
    මෙහිදී රාවණා රජු පිළිබඳ ව පර්යේෂණ කරමින් විශේෂ මෙහෙයක් කරනු ලබන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර, ආචාර්ය සූරිය ගුණසේකර හා පාලිත ගලප්පත්ති යන මහත්වරුන්ට ගෞරව සම්මාන පුද කිරීමට ද නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya