මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දඹුලු බිතුසිතුවම් සංරක්ෂණයට විධිමත් පියවර

    පෙබරවාරි 11, 2017

    ලෝක උරුමයක් වන ඓතිහාසික දඹුල්ල ලෙන් විහාරයේ සිතුවම් නිසි අයුරින් සංරක්ෂණය නොකිරීම හේතුවෙන් විනාශවෙමින් පැවතුන අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ සඳහා අවධානය යොමු කර බිතුසිතුවම් සංරක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එහි සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (11) සිදු කිරීමට නියමිතය.

     

    පුරා වසර 10ක කාලයක් තිස්සේ මෙම සිතුවම් නිසි පරිදි සංරක්ෂණය කිරීමක් සිදුවී නැති අතර පසුගියදා අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත සීගිරි බිතුසිතුවම් පරීක්ෂා කිරීමට පැමිණි ඉතාලි ජාතික විශේෂඥයින් දඹුලු ලෙන් විහාරයේ බිතු සිතුවම්ද පරීක්ෂාවට ලක්කර ඇති අතර ඔවුන්ගේ ද නිගමනය වී ඇත්තේ කෘමීන්ගෙන්, පුස් බැඳීමෙන් හා දිය සෙවල බැඳීමෙන් සිතුවම්වලට හානි සිදුවී තිබෙන අතර මෙම චිත්‍රවල පුරාවිද්‍යා වටිනාකමට හානි සිදුවීමේ අවදානමක් ද මතු වී තිබෙන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya