අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වෙසක් දින සැමරුම නිමිත්තෙන් දළදා මාලිගාවෙන් විශේෂ පෙරහැරක්

    ජනවාරි 23, 2017

    ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් සමාප්ති උළෙල නිමිති කර ගෙන 2017. 05 .14 වැනි දින මහනුවර දළදා මාලිගාවේ මූලිකත්වයෙන් විශේෂ පෙරහැරක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    ජාත්‍යන්තර වෙසක් දින සැමරුම සඳහා සහභාගී වන විදේශිය රටවල නියෝජිතයන් වෙනුවෙන් පැවැත්වෙන මෙම විශේෂ පෙරහැර තුළින් ලාංකීය අනන්‍යතාවය ලොවට විදහා දැක්වීමට බලාපොරොත්තු වේ. ඒ අනුව මල්වතු සහ අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලාගේ මග පෙන්වීම සහ උපදෙස් මත වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ආකෘතියෙන් සැදුම්ලත් පෙරහැරක් මහනුවර නගරයේ වීදි සංචාරය කිරීමට සංවිධානය කරමින් පවතී.

     

    මෙම වසරේ පැවැත්වීමට නියමිත 14 වැනි එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එහි ආරම්භය 2017.05.12 වැනි දින කොළඹදී සිදු කෙරේ. 13 වැනි දිනයේදී කොළඹ කේන්ද්‍ර කරගනිමින් පවත්වන මෙම සැමරුම් වැඩසටහනේ අවසන් දිනය මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව රටවල් 85 ක් නියෝජනය කරමින් පැමිණෙන විදේශීය නියෝජිත පිරිස 14 වැනි දින කොළඹ සිට මහනුවර දක්වා විශේෂ දුම්රියකින් කැදවා ගෙන ඒමට නියමිතය.

     

    දළදා මාලිගාව වැදපුදා ගැනීමෙන් අනතුරුව මෙම විදේශ නියෝජිතයන්  බෞද්ධ සංස්කෘතිය පිළිබද පැවැත්වෙන විශේෂ සමුළුව සදහා සහභාගී වීමට නියමිතය. ඉන් අනතුරුව දළදා මාළිගාවේ මූලිකත්වයෙන් පවත්වන විශේෂ පෙරහැර නැරඹීමට එම නියෝජිතයන්ට අවස්ථාව ලැබේ. මෙම පෙරහැර මහනුවර නගරයේ තෝරාගත් වීදි කිහිපයක ගමන් කරන අතර, දෙස් විදෙස් සියළු බැතිමතුන්ට පෙරහැර නැරඹීමට අවශ්‍ය පහසුකම් සළසා දීමටද කටයුතු යොදා තිබේ.

     

    එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර වෙසක් දින උත්සවය ලංකාවේ පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි. මීට පෙර 11 වතාවක්ම එය පවත්වා ඇත්තේ තායිලන්තයේය. දෙවතාවක් වියට්නාමයේ පවත්වා තිබෙන අතර, වත්මන් රජයේ විශේෂ ඉල්ලීමක් අනුව මෙවර එම අවස්ථාව ලංකාවට ලබා දී තිබේ.

     

    මෙම කරුණූ අනාවරණය වූයේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවති විශේෂ රැස්වීමකදීය. මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක ස්වාමීන් වහන්සේලාගේ මග පෙන්වීම මත සංවිධානය කොට තිබූ මෙම රැස්වීමට බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර යන මහත්වරු සහ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya