මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ ලෝක ජනගත කිරීමට සැරසේ

    ජනවාරි 13, 2017
    යහපාලනය පිළිබඳ බෞද්ධ  පරමාදර්ශ ආශ්‍රිතව ඇති කරුණු දැක්වීම උදෙසා යුනෙස්කෝ මූලස්ථානයේ ආගමික කටයුතු අධ්‍යක්ෂ හා ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමි හා මහාචාර්ය Francois Chent මහතා විසින් රචිත Buddhist Ideals of Good Governance නැමැති කෘතිය රචනා කොට ඇත. මෙම ග්‍රන්ථය තුළ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද යහපාලනය පිළිබඳ සංකල්පයන් ඇතුළත් කර ඇති අතර එය නූතන සමජයේ දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික කටයුතුවලට කෙසේ අදාළ කරගත යුතු ද යන්න විශ්ලේෂනාත්මකව පෙන්වා දී  ඇත.
     
    මෙම ග්‍රන්ථය පිළිබඳව අද (13)  ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියෝ සඳහන් කළේ බුදුන් වහන්සේ වදාළ යහපාලන සංකල්පයන් පිළිබඳ පරමාදර්ශයන් නුතන ලෝකයට වැදගත්වන බවයි. එසේම රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම, විදේශ සබඳතා වර්ධනය කිරීම, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තර කිරීම ආදී වූ අවස්ථාවන්වලදී මෙය වඩාත් වැදගත් බවයි. තවද 2017 වසර තුළ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක් වී ජාත්‍යන්තර වෙසක් දිනය සැමරීම ලංකාවේදී සිදුවන අතර මේ සඳහා රටවල් 85කින් පමණ විශාල බෞද්ධ බැතිමතුන්, නියෝජිත පිරිසක් ලංකාවට පැමිණීමට නියමිත අතර ම මෙම තත්ත්වය උදා වූයේ ලංකාවේ යහපාලන සංකල්පය වඩාත් සාර්ථක වූ නිසා බවත් මහාචාර්ය ධර්මරතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
     
    එසේ ම මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 ජනවාරි 16දින පස්වරු 4.00ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී සිදු වේ. මේ සඳහා පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya