මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තවාදයට ඉඩක් නැහැ-අමාත්‍ය මනෝ ගනේෂන්

    දෙසැම්බර් 27, 2016
    ලංකාවේ කිසිම තැනකදී අන්තවාදයට හිස එසවීමට තවදුරටත් ඉඩ නොදෙන බව ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂාව පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ලොව විශාලතම කෘත්‍රිම නත්තල් ගස තෙවැනි දිනයට විවෘත කරමිනි.
    “මේ නත්තල් ගස නිර්මාණය කරන්න සිංහල, දෙමළ, ක්‍රිස්තියානි, කතෝලික සහ මුස්ලිම් සහෝදරවරුන් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.
     
    අපේ ආණ්ඩුව ගෙනයන ජාතික සහජීවන හා සංහිඳියා වැඩපිළිවෙලේ ප්‍ර‍තිඵලයක් තමයි මේ. ඒ හැරෙන්නට අපේ රටේ වෙන ගමනක් දැන් නැහැ. බෞද්ධ උත්සව අවස්ථාවේදී අපි උදව් කරනවා, මුස්ලිම්, හින්දු සහෝදරවරුන්ට අපි උදව් කරනවා. මේක තමයි අපිට අවශ්‍ය. මේ රටේ ජාතිවාද නැහැ, අන්තවාද නැහැ. ත්‍ර‍ස්තවාද නැහැ, බෙදුම්වාද නැහැ. තවත් ඒ දේවල් වලට ඔළුව උස්සන්න ඉඩ දෙන්නේ නැහැ. මනෝ ගනේෂන්ලා, අර්ජුන රණතුංගලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික්‍ර‍සිංහ අගමැතිතුමා සමග අත්වැල් බැඳගෙන ඉන්නේ ඒ සඳහායි.
     
    උතුරෙත්, දකුණෙත් කිසිම තැනක අන්තවාදයට ඉඩක් නැහැ, ජාතිවාදයට බෙදුම්වාදයට ත්‍ර‍ස්තවාදයට ඉඩක් නැහැ. අපි දෙමළ වේවා, සිංහල වේවා, මුස්ලිම් වේවා පළමුව අපි ශ්‍රී ලාංකිකයින් ලෙස සිතිය යුතුයි. ඒක අමතක කරන්න එපා. බලන්න අද මෙතන කොච්චර ලස්සනද ? සිංහල, දෙමළ, කතෝලික, මුස්ලිම්, සියලුම දෙනා රැස්වෙලා අද මේ කතෝලික උත්සවය සමරනවා. මේක අපේ සිහිනය. මේක අපේ බලාපොරොත්තුව. මේ රටේ කොතනකවත් එකම ජාතියකට, එකම භාෂාවකට, එකම ආගමකට අයිතිවෙච්ච තැනක් නැහැ. සියලුදෙනාට මේ රට අයිතියි.  සියලුදෙනාම  මේ රටේ රජ්ජුරුවෝ......” යැයිද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
     
    සංචාරක, ඉඩම් සහ ක්‍රිස්ත්‍රියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටියේ ලොව විශාලතම නත්තල් ගස සංචාරක ආකර්ෂණය දිනා ගන්නා අගනා නිර්මාණයක් වන බවයි.
     
    “මේ වසරේ තමයි ලොකුම සංචාරකයින් ප්‍රමාණයක් ලංකාවට ආවේ. අපි දැන් මිලියන 2.2 පසුකරමින් සිටිනවා. එන සංචාරකයින්ට බලන්න දේවල් තියෙන්නෙ ඕන.  පසුගිය කාලයේ අපේ රටේ මෙවැනි නිර්මාණ හිඟයක් තිබුණා. නමුත් දක්ෂතා ඇති නිර්මාණකරුවන්ට ඒ අවස්ථාව ඇති කරලා දෙන්න මෙම රජයට හැකිවෙලා තිබෙනවා. 
     
    අපිට පෙනෙනවා අද රට සංවර්ධනය වන ආකාරය. වරාය නගරය ඉදිකරමින් පවතිනවා, මෙය ඉදිකර අවසන් වූ පසුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ලොකුම වෙළඳ මධ්‍යස්ථානයක් වගේම මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. අපේ රටේ උසින් වැඩිම හෝටල් පෙනෙනවා. සංවර්ධනය කියන්නේ මේ දේවල් තමයි යනුවෙන්ද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය. මේ අවස්ථාව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ සරත්කුමාර ප්‍රේමචන්ද්‍ර‍ මහතාද සහභාගි විය.
     
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya