මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලට වැසි පතා, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පිරිත් සජ්ඣායනයක්

    දෙසැම්බර් 22, 2016
    කලට නිසි වැසි වාසීවායී ප්‍රාර්ථනා කරමින් විශේෂ පිරිත් සජ්ඣායනයක් පසුගියදා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී පැවැත්වීය. 
    අටමස්ථානාධිපති ආචාර්ය අති ගෞරවාර්හ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙනි.  ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී , ගෞරවාර්හ පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය කළහ. 
     
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයින් විසින් එම ප්‍රදේශයන් හි ජලාශ වලින් රැගෙන එන ලද පැන් වලින් පරිවාරි බෝධින් වහන්සේ දෝවනය කිරීම හා වැසි අපේක්ෂාවෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත භාර වීම සිදු වුයේ ඉන් අනතුරුවයි. 
     
    කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක ,කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩී.පී, කුමාරගේ , දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම්වරුන්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් විය. 
     
    කෘෂිකර්ම අමාත්‍යංශය හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම පිරිත් පිංකම සංවිධානය කර ඇත. 
     
    AP/DMU-Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya