අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශද්‍රෝහී ලේබලය ඉවත් කළාට රණබෙර වාදනය කෙරේ

    දෙසැම්බර් 18, 2016
    ඌව වෙල්ලස්ස කැරැල්ලේ නායකත්වය ගෙන කටයුතු කළ වීර මොනරවිල කැප්පෙටිපොළ ඇතුළු විරුවන් 19දෙනෙකු දේශද්‍රෝහීන් ලෙසින් නම් කළ අධිරාජ්‍යවාදීන්ගේ ලියවිල්ල බලරහිත කොට දේශප්‍රේමීන් ලෙස නම් කිරීමට ගත් තීන්දුවට ප්‍රසාදය පළ කරමින් අද (18) මාතලේ වීර මොණරවිල කැප්පෙටිපොළ ස්මාරකය අභියසදී රණ බෙර වාදනය කර උපහාර පුද කිරීමට කටයුතු යොදා ඇත.
     
    පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මොනරවිල කැප්පෙටිපොළ නිළමේ ඇතුළ 19දෙනෙකු දේශද්‍රෝහින් ලෙස නම් කොට ඇති ලියවිල්ල බලරහිත කරන බව නිවේදනය කළේය.
     
    මෙම උපහාර උළෙල වීර මොනරවිල කැප්පෙටිපොළ ජාතික සංවිධානය විසින් සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya