අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පදවි ප්‍රාප්තිය දා සිට කලාකරුවන්ට විශ්‍රාම වැටුපක්

    දෙසැම්බර් 15, 2016
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ කලාකරුවන් උදෙසා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළ බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති, කීර්ති සුරංජිත් මාවැල්ලගේ මහතා පවසයි.
     
    මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව, අභ්‍යන්තර කටයුතු සංස්කෘතික හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා හා සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක යන මහත්වරුන්ගේ මඟ පෙන්වීමෙන් ආයතන දෙකේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවක දී විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ 444 ක් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය වෙත ලබාදීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.
     
    ඒ අනුව ලබන ජනවාරි 08දාට යෙදෙන ජනාධිවරයාගේ පදවි ප්‍රාප්තියේ දෙවැනි සැමරුම් දිනයේ සිට කලාකරුවන්ට මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් කරන කීර්ති මාවැල්ලගේ මහතා, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිලාභී කලාකරුවන් පිරිස තෝරාගනු ලබන බවද සඳහන් කරයි.
     
    කලාකරුවන් උදෙසා ක්‍රියාත්මක කරන මෙම  විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා වයස 23 සිට 55 දක්වා වන කලාකරුවන්ට දායකත්වය ලබාගත හැකි අතර එසේ පළමුව මෙයට දායකවන්නන් හට ප්‍රතිලාභ ලබන පළමු දිනයේ දී රුපියල් 50,000 ක විශේෂ බෝනස් දීමනාවක් ද සහිතව ප්‍රතිලාභ ලබා දෙන බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.
     
    මෙහි ප්‍රතිලාභ ලබන කලාකරුවන් සඳහා අර්ධ අබාධිත, පූර්ණ ආබාධිත, හා මරණය වැනි අවස්ථාවන්හී දී ඉතා විශාල පාරිතෝෂිත මුදල් හිමිවන බවද සභාපතිවරයා කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya