අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරණායක දෙබත්ගමට අළුත් පන්සලක්

    දෙසැම්බර් 15, 2016
    අරණායක සාමසර කන්ද නාය යාමේදී සාමසර කඳු මුදුනේ තිබූ විහාරස්ථානය එම ව්‍යසනයට ලක් නොවූවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් එය අධි අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත.
    එම තත්ත්වයත් සමග විහාරස්ථානයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා අසීරුතා රැසකට මුහුණ දුන්හ. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇමරිකාවේ නිවි ජර්සි විහාරස්ථානයේ අධිපතිත්වය දරණ බතලේගල හත්ගම්පළ විහාරාධිපති කෑගලු දිසාවේ ප්‍රධාන සංඝනායක හුම්ගම්පොළ සිරිරතන නාහිමියන් රු.ලක්ෂ 25 ක වියදමින් වෙනත්  ස්ථානයක අංග සම්පූර්ණ විහාරස්ථානක් ඉදිකර සාමසර කඳු මුදුනේ වැඩවිසූ භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම පසුගිය දා සිදු කරන ලදී.  
     
    අරණායක දෙබත්ගම මාර්ගයේ බොස්ඇල්ල , එරබදුපිටිය ප්‍රදේශයේ නව විහාරස්ථානය ඉදිකරනු ලැබූ අතර එය ශ්‍රී පුණ්‍ය වර්ධනාරාමය ලෙස නම් කර ඇත. මේ අභිනවයෙන් ඉදිකරන ලද විරාරස්ථානය අංග සම්පූර්ණ සංඝාවාසයක් ද සහිත වන අතර භික්ෂූන් වහන්සේලා අට නමකට වැඩ විසීමට අවශ්‍ය සියළු පහසුකම් මෙහි අන්තර් ගතව ඇත. දාන ශාලව, බුදු කුටිය දැනට ඉදිකර ඇති අතර ඉතිරි අංගෝපාංග ඉදිරියේ දී කඩිනමින් ඉදිකොට ජනතාවට බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කිරීමට කටයුතු කරන බව ඇමරිකාවේ නිවි ජර්සි විහාරස්ථානයේ අධිපතිත්වය දරණ බතලේගල හත්ගම්පළ විහාරාධිපති කෑගලු දිසාවේ ප්‍රධාන සංඝනායක හුම්ගම්පොළ සිරිරතන නාහිමියෝ පවසති. 
     
    අරණායක සාමරසර කන්ද නාය යෑම හේතුවෙන් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 150 ඉක්මවයි.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya