අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු වාර්තා චිත්‍රපට උළෙලට නිර්මාණ භාරගැනීමේ කාලය දීර්ඝ කරයි

    දෙසැම්බර් 08, 2016
    විකල්ප මාධ්‍ය කලාවක් ලෙස වාර්තා චිත්‍රපටය ඇගයීමේ අරමුණින් ගාලු වාර්තා චිත්‍රපට උළෙලක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා වන නිර්මාණ භාරගැනීමේ කාලය දෙසැම්බර් 15න් අවසන් වීමට නියමිත ව තිබූ අතර එම කාලය දෙසැම්බර් 30දා දක්වා දීර්ඝ කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කොට ඇත.
     
    සිනමාව, සාහිත්‍යය, සංගීතය හා විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙහි විනිශ්චය කටයුතු සිදු කෙරෙන අතර, ක්ෂේත්‍ර ගණනාවක් යටතේ මෙහි සම්මාන ප්‍රදානය කිරීමට කටයුතු සූදානම් කර ඇත.
     
    ඒ අනුව හොඳම වාර්තා චිත්‍රපටය, හොඳම පර්යේෂණය, හොඳම තිර රචනය, හොඳම කැමරාකරණය සහ හොඳම අධ්‍යක්ෂණය, හොඳම උත්සාහය යන ක්ෂේත්‍රයන් ඔස්සේ මෙහිදි සම්මාන ප්‍රදානය කෙරෙනු ඇත.
     
    මෙම චිත්‍රපට උළෙල සඳහා 2011 වසරේ සිට මේ දක්වා කළ විනාඩි 01 සිට විනාඩි 90 දක්වා වන ඒකාංගික වාර්තා චිත්‍රපට පමණක් ඉදිරිපත් කළ හැකි අතර ජංගම දුරකතන වැනි නවීන තාක්ෂණය යොදාගනිමින් කළ නිර්මාණයන් ද ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇත. සම්මාන උළෙල 2017 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතය. 
     
    මෙහි තරඟාවලියට සුදුසුකම් ලබන්නේ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ගේ පළමු, දෙවන හා තෙවැනි චිත්‍රපට පමණක් වන අතර, ප්‍රවීන අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණයන් ගරු කටයුතුව නිතරගයෙන් ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කොට ඇති අතර කාන්තාවන් සඳහා ප්‍රමුඛත්වයේ ලා සැලකීමට ද සංවිධායක කමිටුව තීරණය කර තිබේ. 
     
    සිනමාව, සාහිත්‍යය, සංගීතය හා විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වතුන් 15දෙනෙකුගෙන් සම්න්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම වාර්තා චිත්‍රපට උළෙලේ විනිශ්චය කටයුතු සිදු කෙරෙන අතර, එම පිරිසට ඕස්ට්‍රේලියානු අධ්‍යක්ෂවරයෙකු සහ ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියෙකු ද අයත් වේ. 
     
    මෙම වාර්තා චිත්‍රපට උළෙල පිළිබඳ වැඩිදුර තොරතුරු This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනයෙන් හෝ දුරකතන අංක 0767 909 909 / 0767 952 952 ඔස්සේ ලබාගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya