අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ අභාවය - සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරේ

    නොවැම්බර් 04, 2016

    ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ අභවප්‍රාප්ත වීම හේතුවෙන් රජය විසින් සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.


    අභාවය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට ඊයේ (03) සහභාගී වෙමින්  ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් මේ බව නිවේදනය කළේ ය

    ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය අද (04) බොරැල්ල සිට කොළඹ, නිදහස් චතුරස්‍රය වෙත  පෙ. ව. 10.00ට රැගෙන ඒමට නියමිතය.


    නොවැම්බර් 05 සෙනසුරාදා දින පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට අවශ්‍ය සියලු පියවර රජය විසින් මේ වනවිට ගෙන තිබේ.

    තවද, දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මූලික පහසුකම් නිදහස් චතුරස්‍රය අවට  සංවිධානය කර ඇති අතර මේ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍ය හා පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසකගේ සහාය ලැබී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya