මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීණ සංගීතවේදී, ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරින් දිවියෙන් සමුගනී

    නොවැම්බර් 03, 2016
    අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කළ අමරදේව ශූරීන් අද (03) දිවියෙන් සමුගෙන තිබේ. පණ්ඩිත් අමරදේවයන් මිය යන විට 88 වන වියේ පසුවිය.
     
    ඩබ්. ඩී. අමරදේව ශූරීන් උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කළ ‍‍ගෞරවණීය කලාකරුවෙකි.
     
    1927 වර්ෂයේ දෙසැම්බර් 05දා මොරටුවේදී මෙලොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස පසු කලෙක ඩබ්.ඩී. අමරදේව නමින් ප්‍රකට වූ අතර එම නම භාවිතා කරන ලෙස යෝජනා කර ඇත්තේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් යයි කියනු ලැබේ.
     
    දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලබා ඇති අමරදේව ශූරීන් ඒ අතර පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රී සම්මානය සහ ශ්‍රී ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය (1998) ආදීය විශේෂ කොට සැලකිය හැකිය.
     
    එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සඳහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සලකුණු කළ විශිෂ්ටයෙකු විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya